Posts

Showing posts from October, 2020

අමාරුම තැන අත් හරින්න.💛

Image
ඉතින් මම සිය වෙනි වතාවට විතර එයාට යැව්වා මැසේජ් එකක්. “ප්ලීස් මට වැඩ ඉවර වුණ ගමන් කෝල් එකක් දෙන්න, මම බලන් ඉන්නවා”. ඒත් එයා මට කතා කළේ නැහැ. එයාගේ අන්තිම වචන පේළිය වුණේ “ ඔයා කොයි තරම් කිව්වත් මට ආයෙත් හැරෙන්න බැහැ. හිත හදාගන්න බලන්න.” කොයි තරම් උත්සාහ කරත් මට එයාගෙන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් ගන්න බැරි වුණා. කරගන්නම දෙයක් නැති තැන   පැය ගාණක් එක දිගට ඇඬුවා.හිතේ තියෙන හැම දෙයක්ම හේදිලා යනවානම් කියලා හිත හිත.එයාව ඉල්ලලා නෙමෙයි.හිත හැදෙන්න කියලා.පන්සලේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා පැය ගාණක් දුක කිය කිය ඇඬුවා. එයාගේ අන්තිම මැසේජ් එක දිහා බල බල මම කල්පනා කළේ එක දෙයයි.ඒ කලින් වගේම එයා ආයෙත් එයි කියලා.ඒත් මාස ගාණක් ගෙවෙද්දිත් එයා ආයේ නොආව තැනක මට දැනුනා එයා සම්පූර්ණයෙන්ම මඟෙන් ගිහින් කියලා. ඒත් ඊට මාස දෙකකට විතර පස්සේ මට මැසේජ් එකක් ආවා. “මට ඔයාව හම්බවෙන්න පුළුවන් ද” ඒ වෙද්දිත් මගේ ගිතේ තිබුණේ මැරිච්ච හැඟීම් ටිකක් එක්ක මහා මූසල කළකිරුණ ගතියක්. හැබැයි මම දන්නවා මං මේ ලෝකේ අහන්න වගේම දකින්න කැමතිම මැසේජ් එකත් ඒක තමයි කියලා. ඒත් තනියම අඬ අඬා,නොකා, නොබී, වැඩ සියල්ල එක තැනක ...

ප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනු ඇත.

Image
වැහි මන්දාරම අහස වහන් තිබුණ සැඳෑවක නුඹ හා වෙරළ මාවත දිගේ පියමැන්න අයුරු මගේ මතකයේ තදින් සටහන් වී ඇත. වැලි අස්සේ එරි එරී කකුල් පැටලි පැටලී ,අත් දෙකත් ඔහේ පටලං ,තද සුළං එක්ක ඔට්ටු වෙවී, අපි බලං හිටියේ මුහුදයි අහසයි යා වෙන දිහා..එදා තිබුණේ දුකක්ද?සතුටක් ද?නැත්තම් ඒ දෙකමද? මම තවම හිතනවා.ඒවා තදින් මතකයේ සටහන් වෙලා තියෙන්නේ සමහර විට ඒවා ද ප්‍රේමයේ මතක සටහන් නිසා වන්නට ඇත.          මා එතරම් වාර ගණනක් නොරිද්දන ලෙස කළ ඉල්ලීම් සියල්ලෙන් පසුවත් නුඹ එතරම්ම වාර ගණනක් රිදවූයේ කෙසේද?           අපි ආදරේ පටන් ගත්තොත් අපිට ඒක ඉවර කරන්න වෙනවා.පටන් ගන්න හැම දෙයක්ම ඉවර වෙන නිසා අපිට ඒක පටන් නොගෙන ඉන්න තිබුණෙ.පටන් නොගෙනම අපි අපිට ආදරේ කරන්න තිබුණෙ. ඒක හරියට පටන්ගෙනත් නැති ඉවර වෙලත් නැති අතරමැද තැනක ඉඳන්..           ඉතින් සමහර තැන්වල කිසිඳු හේතුවක්,ස්පර්ශයක්,වචනයක් පවා නොමැතිව මට නුඹව මතකය. කෙනෙකු අහේතුකව මතකයේ රැඳීම තරම් ගැඹුරු හැඟීමක් තවත් තිබේදැයි මම නොදනිමි..   ...

මොකක්ද මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කියන්නේ?

Image
තොරතුරු යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ඔක්සිජන් වේ. ජනතාව ඔවුන්ගේ සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි නොදනීනම් ද ,ඔවුන් පාලනය කරන ක්‍රියාවන් සැඟවී ඇත්නම් ද , ඔවුන්ට සමාජ ක්‍රියාකාරකම් සඳහා අර්ථවත් ලෙස දායක විය නොහැක. නමුත් තොරතුරු දැන ගැනීම ජනතාවගේ සාමාන්‍ය අවශ්‍යතාවයක් නොව එය යහපාලනයේ අත්‍යාවශ්‍ය කොටසකි. ජනතාව විසින් රජයේ ක්‍රියාවන් සියුම් පරීක්ෂාවට ලක් කිරීම හා ඒ මත එකී ක්‍රියාවන් අත්විඳීම පිළිබඳ විවාදයක් ඇති කිරීම තොරතුරු දැන ගැනීම මඟින් සිදු වේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැදිලිව අර්ථ නිරූපණය වී ඇත්තේ හා බලාත්මක වන්නේ සිවිල් හා දේශපාලන අයිතියක් ලෙසට ය. “තොරතුරු” යන්නට පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය නොසළකා , සටහන්,ලේඛන, සංදේශ,විද්‍යුත් තැපැල්, මත, උපදේශ,මාධ්‍ය නිවේදන,චක්‍ර ලේඛණ,නියම,ලොග් පොත්,ගිවිසුම්,වාර්තා,ප්‍රවෘත්ති වාර්තා,සාම්පල්,ආදර්ශක,හුවමාරු වන ලිපි,සංදේශ,නීති කෙටුම්පත්,පොත්,පිඹුරු,සිතියම්,සේයාපට,ශබ්ද පටිගත කිරීම්,වීඩියෝ පට,යන්ත්‍ර මඟින් කිය විය හැකි වාර්තා හා වෙනත් ලේඛණගත ද්‍රව්‍ය හා ඒවායේ යම් පිටපත් ඇතුළත් වේ. (පනත් කෙටුම්පතේ 43 වගන්තිය) තොරතුරු දැන ගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

🍀🍃

Image
 මට ඕනේ දවසක්.. ආයේ  උඹව දකින්න දැන් මට අයිති නැති හුරු  අත අල්ලන් ඔහේ ඇවිදින්න.. එදා නතර වුණ තැන ඉඳන් අද වෙනකන් ජීවිතේ ගැන ඔහේ කියවන්න.. මට ඕනේ හයියෙන් හිනා වෙන්න වෙනදා තරම් සැහැල්ලුවක්  නොදැනුනත් උඹ එක්ක  ඔහේ කයිය ගහන්න.. "දැන් කෙනෙක් ඉන්නවද ?" අහලා හිත රිද්දගන්න.. "මාව මතක් වුණෙම නැද්ද?" අහලා කට කොණෙන් හිනා වෙන්න අයිති නැති තැන්වල  තව තවත් ඉන්න එක වේදනයි නොගැළපෙන තැන්වලින්  හෙමි හෙමීට යා යුතුයි.. "එක දවසක් ආයෙ දකින්න ආසයි" මොකද? ජීවිතේ ලස්සනම දවස් ගෙවුණෙ අයිති කරගන්න බැරි වුණ මිනිස්සු ළඟ විතරයි  ☺️💚

අම්මා💔

Image
   

නුඹ නැතුව නුඹ එක්ක💛

  කැළනිය ම සිප ගන්න සිහිල් මදපවන මංදහාස නගන  නුඹේ රුව රැඳි නුවන කොහෙන් හෝ ඇදෙන නුරා ගීයකට නුපුළුවනි සබඳ වසාලන්නට සවන් කවුළුව නුඹේ මුදු හඬ රැඳුණ... නුඹ එක් තැනෙක මම තව තැනෙක තැන් දෙකක රැඳි නමුදු ඇසිල්ලක විරාමයක් හද පියන් විවරකොට ගෙන එන අරුම හමුවක මිහිර ළෙන්ගතු ම මතක සුවඳ.. ඕන මට හිනහෙන්න නුඹෙ පපු තුරුලෙ හිඩැස් නොතබාම.. මට ඕනෙ නුඹෙ වෙන්න.. හාදු පොදි තවරන්න ඝණ රැවුල් කොට අස්සෙ තුරුලු වී සැනහෙන්න..

පණ ගැහෙන සිතුවිලි☘

ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කිව්වත්.. ඒක බොරුවක්... අපි කව්රුත් කැමති "ඕනවට වැඩි "කියන සීමාව අතික්රමණය කරන්න..ඒක තමයි අපේ හිත පිළිගන්න කැමති ට්රෙන්ඩ් එක..ඒකම කරලා හෙම්බත් වෙන්න තමයි අපි ආසම..ඊටපස්සෙ ටිකෙන් ටික හොට පැටලෙද්දි තමයි අපි පියවි සිහියට එන්න ගන්නෙ..කව්රු මොනවා කිව්වත් ඒක තමයි පෲථක්ජන,මානව සිතක ගති ස්වභාවය..සමහර සංධිස්ථානවලදී අපිට සමහර අපේ ජීවිතවලට සමීප දේවල් එක්ක.. ඒ ඒ දේවල් වලට අනුගත වෙන්න සිද්ධ වෙනවා.රහසින්ම "ඕනවට වඩා "කියන සීමාව එක්ක පොර බැඳලා.. හෙම්බත්වෙලා .. අමාරුවෙන් ඒ බැම්මෙන් මිඳෙන්න ගන්නවා.ඒක හුරු වෙද්දි සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒ හුරු වීමට ආදරය කරන්න ගන්නවා.. හිතක් එහෙමයි❤ අනූ🍁