අමාරුම තැන අත් හරින්න.💛
ඉතින් මම සිය වෙනි වතාවට විතර එයාට යැව්වා මැසේජ් එකක්. “ප්ලීස් මට වැඩ ඉවර වුණ ගමන් කෝල් එකක් දෙන්න, මම බලන් ඉන්නවා”. ඒත් එයා මට කතා කළේ නැහැ. එයාගේ අන්තිම වචන පේළිය වුණේ “ ඔයා කොයි තරම් කිව්වත් මට ආයෙත් හැරෙන්න බැහැ. හිත හදාගන්න බලන්න.” කොයි තරම් උත්සාහ කරත් මට එයාගෙන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් ගන්න බැරි වුණා. කරගන්නම දෙයක් නැති තැන පැය ගාණක් එක දිගට ඇඬුවා.හිතේ තියෙන හැම දෙයක්ම හේදිලා යනවානම් කියලා හිත හිත.එයාව ඉල්ලලා නෙමෙයි.හිත හැදෙන්න කියලා.පන්සලේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා පැය ගාණක් දුක කිය කිය ඇඬුවා. එයාගේ අන්තිම මැසේජ් එක දිහා බල බල මම කල්පනා කළේ එක දෙයයි.ඒ කලින් වගේම එයා ආයෙත් එයි කියලා.ඒත් මාස ගාණක් ගෙවෙද්දිත් එයා ආයේ නොආව තැනක මට දැනුනා එයා සම්පූර්ණයෙන්ම මඟෙන් ගිහින් කියලා. ඒත් ඊට මාස දෙකකට විතර පස්සේ මට මැසේජ් එකක් ආවා. “මට ඔයාව හම්බවෙන්න පුළුවන් ද” ඒ වෙද්දිත් මගේ ගිතේ තිබුණේ මැරිච්ච හැඟීම් ටිකක් එක්ක මහා මූසල කළකිරුණ ගතියක්. හැබැයි මම දන්නවා මං මේ ලෝකේ අහන්න වගේම දකින්න කැමතිම මැසේජ් එකත් ඒක තමයි කියලා. ඒත් තනියම අඬ අඬා,නොකා, නොබී, වැඩ සියල්ල එක තැනක ...