Posts

Showing posts from November, 2020

නුඹ,මම සහ අපි💗

Image
ජීවිතය පුරාවට තිබුණේ හුරු පුරුදු දවස් .. නුඹ, මම සහ අපි අතර. “ඔබ ප්‍රේම කරන්නට කලියෙන්   ආදරේ කරන්න ”.මම නුඹට නිතර පැවසුවෙමි. නුඹ ප්‍රේම කරන්නට පෙර... මට,මා වටා ඇති වටපිටාවටත් එක ලෙසින් ආදරය කරන්නට පුරුදු විය යුතුය. ඒවා පවතින ලෙසින් භාර ගන්නට හුරු විය යුතුය. නුඹට අවැසි ලෙස කපා කොටා වෙනස් කර ගත් පසු නුඹට හිමි වන්නේ මා නොව. මගේ භෞතිකය පමණක් බව වටහා ගන්නට නුඹ සමත් විය යුතු ය. එවිට පමණක් නුඹට ප්‍රේම කරනා ලෙසින්ම ආදරය කරන්නට හැකි ය. එය විඳින්නට හැකි ය. එය තුළ ජීවත් වන්නට හැකි ය. නො එසේනම් නුඹට මට ප්‍රේම කළ හැකි ය. ආදරේ කළ නොහැකි ය. ඉතින් ප්‍රේමිය, මම බයම ..නුඹට නොහැඟෙන, මට පමණක් දැනෙන තත්පරවලට..හිත මොහොතකට ගිනියම් කරන ,හදවත වේදනාවෙන් පසාරු කරවන , හදවත ගැඹුරටම ග්‍රිල් කරන මඟ හැරීම්වලට. ඉඳින් අපි තැවෙන්නට පෙරාතුව ,නිවෙන්නට හැකි මතකයන් වෙනුවෙන් ප්‍රේමයෙන් වෙළෙමින් සිනහසිය   යුතු ය.මතක ගොනු පොදි ගැසිය යුතු ය. තාමත් අපි එදා පිය නඟපු අඩිපාරවල් ඒ වගේම හරි තරුණ යි. මඟ බලපු මංසන්ධි එදා වගේම හරි අපූරුවට මඟ බලනවා. ඉතින් ප්‍රේමිය , මට හිතෙන විදිහට උපන් ප්‍රේමයකට මිය යෑමක් නැහැ. තියෙන්නෙ ත...