ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.
සංවර්ධන සන්නිවේදනය 2වන ලෝක යුද්ධයෙන් පසුව 1980 දශකය දක්වා කාලය තුළ ක්‍රියාත්මක වීම සහ ඉන් අනතුරුව සංවර්ධනය සිදු වන රටවල්වල අද දක්වා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රායෝගික භාවිතය තුළ සංවර්ධන සන්නිවේදනය භාවිතා කළ ආකාරය ගැන සංසන්ධනාත්මක ඇගයීමක් ... සන්නිවේදනය යන වචනය ලතින් වචනයකින් බිඳෙන බව දනිමු.එහි අරුත වන්නේ පොදු හා හුවමාරුව යන්න යි. සන්නිවේදනය සමාජ ක්‍රියාවලියකි. මානව සබඳතා ඉදිරියට ගෙන යන වාහකයකි. ඉපැදීමට වෙර දරමින් සිටි සන්නිවේදනය ,මිනිසා පොළව මත පරිණාමය වීමත් සමඟ බිහි විය. සන්නිවේදනය පැතිරුණු විස්තීරණ ක්‍රියාවලියකි.එහි පරිධිය අසීමිත ය.අන්තර් සම්බන්ධිත ය. මෙලෙස විශ්ව විද්‍යාවක් වූ සන්නිවේදනය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පැතිරෙන බව අපට දැකිය හැකිය.මෙලෙස සන්නිවේදනය විවිධ අංශ ඔස්සේ පැතිරෙන විට “සංවර්ධන සන්නිවේදනය” යනු ඉතාමත්ම පුළුල් ක්ෂේත්‍රයක පැතිරෙන විෂයානුගත පරිචයකි. “සංවර්ධන සන්නිවේදනය යනු,සංවර්ධනය නැමැති ක්‍රියාවලියේදී ,මාධ්‍ය හා සන්නිවේදනය භාවිතා කරන්නේ කෙසේ ද?” යන්න පිළිබඳ විමසා බැලීමයි. මෙහිදී, Ø සංවර්ධන සන්නිවේදනය. ( Development Communication) Ø සංවර්ධනය ස...