12.30 am.❤
"කෝල් එකක් ගන්න ද?" එයා ගෙන් ටෙක්ස්ට් එකක් මට.. ඒ ඇසිල්ලට වට්සැප් එකේ කොළ පාට අයිකන් එකට දුවන මගේ ඇඟිලි... ම්ම්ම්ම්ම් ..... වරු ගානක් කතා නොකළත් ඒ මොහොත අපි දෙන්නම අපේක්ෂාවෙන් හිටිය නිමේෂයක් කියලා කියන්න හොඳම අවස්ථාවක් මේක... අපි ඇමතුමකට හෝ හමු වුණාම කතා කරන දේවල් නම් එමටයි. එයා මගෙන් වෙන් වුණේ මීට හරියටම වසරකට පෙර..ඒත් මේ දැනුත් එයාගේ නෝටිෆිකේෂන්ස් වලින් එදා තරම්ම මගේ හිත කොයිතරම් ඉක්මනින් කලබල කරන්න පුළුවන්ද? මගේ නෝටිෆිකේෂන්ස් වලින් එයාව කොයි තරම් ඉක්මනින් කලබල කරන්න පුළුවන් ද? ම්ම්ම් අපි ආදරේ කරනව ද තාම? මේ දැනුත්... පැය ගණන් දිග කෝල්.. විනාඩියට මූණ බලන්න ගන්න වීඩීයෝ කෝල්ස්, ඒ මොහොත කැප්චර් කරලා එව්ව ෆොටෝස් වලින් එයාගේ ගැලරි එකේ මමත් ,මගේ ගැලරි එකේ එයත්.... හරියටම වෙලාව පාන්දර 12.30 යි. "ම්ම්ම් ඔයා ගොඩාක් දේවල් දන්නවා නේද?"එයා අහනවා මගෙන්.. "මොනවද?" "ආදරේ ගැන...තියරි" "හ්ම්ම් වෙන්නැති..ඒත් වැඩක් නෑ" දිග සුසුමක් එක්ක මං ඔහේ කියලා දැම්මා.. "මෙහෙමයි අපි කොච්චර දැනගත්තත් එතන තියෙන්නෙ හරි පොඩි දෙයක්" එයා මට කියනවා...