ආයෙමත් !!!
බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ ! තත්පරෙන් තත්පරේ ,විනාඩියෙන් ,විනාඩිය, පැයෙන් පැය වේගයෙන් ඉඟිලෙද්දි හැමදාම මට තිබුණා මොකක්ද මන්දා බලාපොරොත්තුවක්..ඒක මෙන්න මේකයි කියලා මට මගේ අධ්‍යයන කටයුතු සම්බන්ධ ව, උපාධිය සම්බන්ධව ලඝු කර කියන්නට පුළුවන් වුණත් , මෙතන තියෙන්නෙ එහෙම හරි හැටි රවුම් කරලා, හැඩ කරලා ,උලුප්පලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක මම මගෙන් ඇහුවත් ඒ මොකක්ද කියලා මටවත් කියාගන්න බැරි දෙයක් ..නමුත් කළුවර තරු පිරුණ අහසකට, බස් එකේ කවුළුව අයිනේ කෙළවරේ අසුනකට ,හෙඩ් ෆෝන් එකකට, දිවුල්ගනේ සර්ගේ , ටී.එම් සර්ගේ, වික්ටර් රත්නායක සර්ගේ මුදු ස්වරයකට , හදවත කැකෑරවමින් සියොළඟම අවුලන්න පුළුවන් හැඟීම් සමුදායක් ඒක.. ****************************** ************* පැය ගණනාවක් ඉන්ස්ටග්‍රෑම් හරහා එක දිගට කෙටි පණිවිඩ හුවමාරුවේ අවසානය වුණේ මට එයාවත් ,එයාට මාවත් තව දුරටත් ආගන්තුක නොවුණ එක. එකම විනෝදාංශ, එකම විදිහට හිතන පතන ,එකම සංගීත රිද්ම හොයන ,එක සමානම නොවුණත් .... " ඒ විදිහටත් මම කැමති" " ඔයා හිතන විදිහට මම මාර කැමති" " ඔයා එක්ක කතා කරනකොට මට පොඩ්ඩක්වත් කම්මැලි ...