තාත්තට❤👑
මම අකුරු කරන්න අත පොත තිබ්බේ කතෝලික convent එකක.. මට මතකයි මාව තාත්තා මොන්ටිසෝරියට භාර දීලා යද්දි මම ඇඬුව හැටි..Sisterමාව හයියෙන් අල්ලගෙන ඉද්දී තාත්තා මාව දාලා දුවන හැටි ..මට අද වගේ මතකයි.චුට්ට චුට්ට ලොකු වෙලා .සුමංගල බාලිකාවේ එක වසරට අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා ගිය හැටි වගේම ලොකු prefect අක්කලා රෝස මලක් දීලා මාව ඇතුලට එක්කන් ගිය විදිහත් මට මතක් වෙනවා.එදත් මං අඬලා අඬලා පංතියෙන් පැනලා තාත්තව හොයන් එද්දි මාව uncle කෙනෙක් වඩන් ගිහින් තාත්තට දුන්නා. ඒ වෙලාවෙ අම්මයි තාත්තයි දෙන්නම හිටියේ main hall එකේ parents meeting එකක..තාත්තා හැමදාම ගෙදර එන්නෙ නැහැ.ඒ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන නිසා.අම්මා කියනවා, ඉස්සර තාත්තා ගෙදර එන්නෙ නැහැ කියද්දි මට උණ හැදෙනවලු..ටිකෙන් ටික ලොකු වෙද්දි ,සමාජෙ ගැන දැනගද්දි මට තාත්තව මඟ ඇරෙනවා වගේ දැනුනා.ආදරේ නැති කමට නෙවෙයි.දැන් තාත්තා ගෙදර එන්නෙ නැහැ කියද්දී මං අඬන්නෙ නැහැ..මං දැන් දන්නවා ගෙදර එන්න පුළුවන් නම් තාත්තා නෑවිදින් ඉන්නෙ නැහැ කියලා.හරියටම ගිය අවුරුද්දේ පෙබරවාරි 15 මාව කැම්පස් එකට ඇරලවන්න අම්මයි තාත්තයි දෙන්නම ආවා.අම්මා මට call එකක් අ...