නුඹ නැතුව නුඹ එක්ක💛

 


කැළනිය ම සිප ගන්න

සිහිල් මදපවන

මංදහාස නගන 

නුඹේ රුව රැඳි නුවන

කොහෙන් හෝ ඇදෙන

නුරා ගීයකට

නුපුළුවනි සබඳ

වසාලන්නට

සවන් කවුළුව

නුඹේ මුදු හඬ රැඳුණ...


නුඹ එක් තැනෙක

මම තව තැනෙක

තැන් දෙකක රැඳි නමුදු

ඇසිල්ලක විරාමයක්

හද පියන් විවරකොට

ගෙන එන

අරුම හමුවක මිහිර

ළෙන්ගතු ම මතක සුවඳ..


ඕන මට හිනහෙන්න

නුඹෙ පපු තුරුලෙ හිඩැස් නොතබාම..

මට ඕනෙ නුඹෙ වෙන්න..

හාදු පොදි තවරන්න

ඝණ රැවුල් කොට අස්සෙ

තුරුලු වී සැනහෙන්න..


Comments

  1. සැනසෙන්න හදවත සැනසෙන්න

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඝන රැවුල් කොට අස්සෙ
    තුරුලු වී සැනසෙන්න.
    😘එතන තමා ලස්සනම😘

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤