මොකක්ද මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කියන්නේ?
තොරතුරු යනු ප්‍රජාතන්ත්‍රවාදයේ
ඔක්සිජන් වේ. ජනතාව ඔවුන්ගේ සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි නොදනීනම් ද ,ඔවුන්
පාලනය කරන ක්‍රියාවන් සැඟවී ඇත්නම් ද , ඔවුන්ට සමාජ ක්‍රියාකාරකම් සඳහා අර්ථවත්
ලෙස දායක විය නොහැක. නමුත් තොරතුරු දැන ගැනීම ජනතාවගේ සාමාන්‍ය අවශ්‍යතාවයක් නොව
එය යහපාලනයේ අත්‍යාවශ්‍ය කොටසකි. ජනතාව විසින් රජයේ ක්‍රියාවන් සියුම් පරීක්ෂාවට
ලක් කිරීම හා ඒ මත එකී ක්‍රියාවන් අත්විඳීම පිළිබඳ විවාදයක් ඇති කිරීම තොරතුරු දැන
ගැනීම මඟින් සිදු වේ. තොරතුරු දැන ගැනීමේ අයිතිය පැහැදිලිව අර්ථ නිරූපණය වී ඇත්තේ
හා බලාත්මක වන්නේ සිවිල් හා දේශපාලන අයිතියක් ලෙසට ය. “තොරතුරු”
යන්නට පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපය නොසළකා , සටහන්,ලේඛන, සංදේශ,විද්‍යුත්
තැපැල්, මත, උපදේශ,මාධ්‍ය නිවේදන,චක්‍ර ලේඛණ,නියම,ලොග් පොත්,ගිවිසුම්,වාර්තා,ප්‍රවෘත්ති වාර්තා,සාම්පල්,ආදර්ශක,හුවමාරු වන ලිපි,සංදේශ,නීති
කෙටුම්පත්,පොත්,පිඹුරු,සිතියම්,සේයාපට,ශබ්ද පටිගත කිරීම්,වීඩියෝ පට,යන්ත්‍ර මඟින්
කිය විය හැකි වාර්තා හා වෙනත් ලේඛණගත ද්‍රව්‍ය හා ඒවායේ යම් පිටපත් ඇතුළත් වේ.
(පනත් කෙටුම්පතේ 43 වගන්තිය)
තොරතුරු දැන ගැනීමේ
අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මඟින් සහතික වුවද එය යථාර්ථයක් ලෙස
භුක්ති විඳීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙන්නේ තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතියක්
පාර්ලිමේන්තුව විසින් සම්මත කළ පසුවය. පණතක අරමුණ එහි පූර්විකාව මඟින් දැක්වෙන අතර
ඒ අනුව තොරතුරු දැනගැනීමේ පණතෙහි පූර්විකාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව
මඟින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් හා තොරතුරු දැන
ගැනීමේ අයිතිය බලාත්මක කිරීම මඟින් පොදු අධිකාරිවල විනිවිධ භාවය හා වගකීම පිළිබඳ
සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බැවින් ද එමඟින් ශ්‍රී ලංකාවේ
මහ ජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකි හා රටේ පොදු ජන ජීවිතයේදී සක්‍රීය
ලෙස සම්බන්ධ විය හැකි සමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද යනුවෙන් සඳහන් වේ.
සැප්තැම්බර් මස 28 වන දිනට “ලෝක තොරතුරු දැන ගැනීමේ දිනය”
(International
Rights To Information Day) යෙදී ඇත. පනතේ 5වන වගන්තියේ විධි විධානවලට යටත්ව,පොදු අධිකාරියක සන්තකයේ ,
භාරයේ හෝ පාලනයේ පවතින තොරතුරුවලට ප්‍රවිශ්ඨ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියෙකුටම
ඇත.
·
අමාත්‍යංශ
·
දෙපාර්ත්මේන්තු
·
සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල
·
පළාත් පාලන ආයතන
·
25% කට වඩා කොටස් රජයට හිමි සමාගම්
·
මහජන කාර්‍යයක් පිළිබඳව රජය සමඟ ගිවිසුමකට එළඹ ඇති පෞද්ගලික ආයතන
·
රාජ්‍ය නොවන සංවිධාන වෙතින් පුරවැසියන්ට තොරතුරු ඉල්ලා සිටිය හැක.
තොරතුරු දැන ගැනීමේ
අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මූලික
අවශ්‍යතා
3ක් පිළිබඳ සැළකිලිමත් විය යුතුය.
1.
තොරතුරු සඳහා ප්‍රවේශ වීම
2.
තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ඇති වගකීම.
3.
තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ඇති වගකීම.
සෑම පොදු අධිකාරියක්ම
තොරතුරු නිලධාරියෙක් හා අභියාචනා විභාග කිරීම සඳහා නිලධාරියෙකු පත් කරන අතර ඔවුන්
වෙතින් තොරතුරු ලබා ගත හැකිය.තොරතුරු ලබා ගැනීම සඳහා දැරිය යුතු වියදම් හා ආකෘති
පිළිබඳ රීති තොරතුරු කොමිසම විසින් 2017 පෙබරවාරි 3වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත.
තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී අතෘතිමත්වන පුරවැසියෙකුට පිළිවෙලින්
අභියාචනා විභාග කිරීමේ නිලධාරියාට හා තොරතුරු කොමිසම වෙත අභියාචනා කළ හැකිය.
තොරතුරු කොමිසමේ තීරණයෙන් තෘප්තිමත් නොවන ඉල්ලම්කරුවෙකුට අභියාචනාධිකරණයට අභියාචනා
කළ හැකිය. සාමාන්‍ය ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය ආකාර 3කින් වැදගත් වේ.
1.
මානව හිමිකමක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය.
2.
අනෙකුත් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මෙවලමක් ලෙස.
3.
ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහ පාලනයේ මෙවලමක් ලෙස.
මානව හිමිකමක් ලෙස
තොරතුරු දැන ගැනීමේ අයිතිය ජාත්‍යන්තර හා කලාපීය මානව අයිතිවාසිකමක් ලෙස සඳහන් කර
ඇත. උදාහරණයක් ලෙස මානව හිමිකම් විශ්ව ප්‍රකාශයේ 19 වන ව්‍යවස්ථාව මෙසේ දක්වා ඇත.
“ තම නිදහස් මතය දැරීමට
හා ප්‍රකාශ කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. අනුන්ගේ බාධාවක් නොමැතිව තම මත
දැරීමටත් දේශ සීමා නොසළකා කවර මාධ්‍යකින් හෝ තොරතුරු ලැබීමට හෝ දීමටත් ඇති අයිතිය
ද ඊට ඇතුළත් ය.”
1966 දී එක්සත් ජාතීන්ගේ
සංවිධානය විසින් සම්මත කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික
සම්මුතිය (ICCPR)එහි 19වන වගන්තිය මඟින්
තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව මෙසේ දක්වා සිටියි.
19.1 බාධාවකින් තොරව
ස්වකීය මතය දැරීමට සෑම තැනැත්තෙකුටම අයිතිවාසිකමක් ඇත්තේය.
අනෙකුත් මානව හිමිකම්
පූර්ණ ලෙස භුක්ති විඳීමට තොරතුරු දැන ගැනීමේ අයිතිය අවශ්‍ය වේ. පහත සඳහන් අයිතීන්
ඒ ඔස්සේ ගත හැකිය.
1.අදහස් ඵල කිරීමේ
අයිතිය.
2. ඉගෙනීමට ඇති අයිතිය.
3.සමානාත්මතාවයේ අයිතිය.
ප්‍රජාතන්ත්‍රවාදයේ හා
යහ පාලනයේ මෙවලමක් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය වැදගත් වෙන ආකාරය
1.ප්‍රජාතන්ත්‍රවාදය හා
තොරතුරු දැන ගැනීමේ අයිතිය
2.යහ පාලනය හා තොරතුරු
දැන ගැනීමේ අයිතිය.
ශ්‍රී ලාංකික නීති
ක්ෂේත්‍රය තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ශා කරන නීති මෙන්ම තොරතුරු දැන
ගැනීමේ අයිතියට බාධා කරන නීති ද දක්නට ලැබේ.
තොරතුරු දැන ගැනීමේ
අයිතිය ආරක්ෂා කරන නීති ලෙස ,
[1]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය
එකතු වන්නේ 2015 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 19වන සංශෝධනය මඟිනි. ඒ
අනුව 14(අ)1. සෑම පුරවැසියෙකුටම,
(අ)රජය, අමාත්‍යශයක් හෝ යම් ආණ්ඩුවේ දෙපාර්තුමේන්තුවක් හෝ යම් නීතියක්
මඟින් හෝ යටතේ පිහිටවනු ලැබූ හෝ ඇති කරනු ලැබූ යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක්
පවත්වන්නා වූත්
(ආ)යම් පළාත් අමාත්‍ය මණ්ඩලයක අමාත්‍යවරයෙකුගේ යම් අමාත්‍යශයක් හෝ යම්
දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සභා ප්‍රඟප්තියක් මඟින් පිහිටවනු ලැබූ හෝ ඇති කරනු ලැබූ
යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් සතුව පවතින්නා වූත්
(ඇ) යම් පළාත් පාලන ආයතනයක් සතුව පවතින්නා වූත්
(ඈ) මේ අනු ව්‍යවස්ථාවේ (අ), (ආ), හෝ (ඇ) ඡේදවල සඳහන් ආයතනවලට අදාළ ව වෙනත්
යම් තැනැත්තෙක් සතුව පවතින්නා වූ ,හා පුරවැසියෙකුගේ අයිතියක් ක්‍රියාත්මක කිරීම
සඳහා අවශ්‍ය වූ යම් තොරතුරක් වෙත නීතියෙන් සලසා ඇති පරිදි ප්‍රවේශ වීමේ
අයිතිවාසිකමක් ඇත්තේය.
1.
ජාතික ආරක්ෂාව ,භෞමික අඛණ්ඩතාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ද,
අපරාධ වැළැක්වීම පිණිස ද , සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා ද, අන් අයගේ
කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා වීම පිණිස ද,පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස
ද,අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිස ද, පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම
සම්බන්ධයෙන් ද විශ්වාස මත දැනුම් දෙන ලද තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීම පිණිස
ද, හෝ අධිකරණයේ අධිකාරී බලය හා අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාම පිණිස ද, ප්‍රජාතන්ත්‍රවාදී
සමාජයක්ට අවශ්‍ය වන්නා වූ නීතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කවර හෝ සීමාකිරීමක්
මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති අයිතිවාසිකම් මත නොපැනවිය යුත්තේය.
2.
මේ අවස්ථාවේ “ පුරවැසියා” යන්නට ,යම් ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යස්ථාපිත නොවූ
මණ්ඩලයක සාමාජිකයින්ගෙන් හතරෙන් තුනකට නොඅඩු සංඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම්
,එවැනි මණ්ඩලයක් ඇතුළත් වේ.
[2] 1946 අංක 47 දරණ නිළ ප්‍රකාශන ආඟා පනත.
මෙම පණතට අනුව සාමාන්‍ය
දැනීම සඳහා ආණ්ඩුවේ බලය මත ප්‍රකාශනයට පත් කරන වාර්තාවක් හෝ ලේඛණයක් ප්‍රසිද්ධ
කිරීම හෝ නැවත උපුටා දැක්වීම හෝ ඉන් කොටසක් උපුටා දැක්වීම මත යම් කිසිවෙකුට සිවිල්
හෝ අපරාධ වගකීමක් පැවරිය නොහැකි බව දක්වයි. මෙය තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා
හොඳ ප්‍රවේශයකි.
තොරතුරු ලබා ගැනීමේ පණතට
සීමා පනවන දේශීය නීති කිහිපයක් ඇත.
1.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
15(2)15(7) හා 15(8) ව්‍යවස්ථා
2.1955 අංක 32 දරණ නිළ
රහස් පණත
3. 1973 අංක 5 දරණ ශ්‍රී
ලංකා පුවත්පත් මණ්ඩල පණත
4.1947 අංක 25 දරණ මහජන
ආරක්ෂක පණත
5.1979 අංක 48 දරණ ත්‍රස්තවාදය
වැළැක්වීමේ පණත
6. ආයතන සංග්‍රහය.
තොරතුරු නීතියේ ප්‍රකට
භාවිතයන් ලෙස,
1.ජනතාව සවිබල ගැන්වීමේ
මෙවලමක් ලෙස.
2.දූෂනය අවම කිරීමේ මෙවලමක්
ලෙස
3.එදිනෙදා ජන ජීවිතය පහසු
කිරීමේ මෙවලමක් ලෙස
4.විවෘත ආණ්ඩුකරණයේ දර්ශකයක්
ලෙස
5.සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ
අංගයක් ලෙස
පෙන්වා දිය හැකිය.
තොරතුරු දැන ගැනීමේ පණත
නිසා ලබා ගත් සුවිශේෂී ජයග්‍රහණ පවතී. ඒ අතර “රොෂාන් චානක මිය යාම ගැන වාර්තාව වසර
06 කට පසුව එළියට ඒම” වැනි දේ පෙන්වා දිය හැකිය.
තොරතුරු අයිතිය පසුපස ඇති තර්කනය.
1.ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය නඩත්තු කරයි.
2.රාජ්‍ය තොරතුරු විශාල ප්‍රමාණයක් ජනතාවගේ මුදල් භාවිත කරමින් හසුරවයි.
3.එම තොරතුරු ලබා ගැනීම සඳහා ජනතාවට අයිතියක් ඇත.
4.එම තොරතුරු ලබා දීම සඳහා රාජ්‍ය නිලධාරියාට වගකීමක් ඇත.
5.තොරතුරු ලබා දීමේදී "භාරකත්ව වගකීමක්" තිබිය යුතුය.

Best article🤟
ReplyDeleteA Good one Anu ❤
ReplyDeleteGood job ❤ keep it uo
ReplyDeleteBEST TOPIC 👍
ReplyDeleteගොඩක් වටිනවා 👍❤️
ReplyDeletegodak watina article ekak
ReplyDeleteAn important article
ReplyDelete🎉️🎉️🎉️🎉️
ReplyDelete👍
ReplyDeleteImportant article ..
ReplyDeleteGreat..
ReplyDeleteWatinawa eeka nm..❤️❤️
ReplyDelete💛🤘😍👌
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDelete💛💛
ReplyDeleteGood
ReplyDeleteGood article
ReplyDelete