ප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනු ඇත.
වැහි මන්දාරම අහස වහන් තිබුණ සැඳෑවක නුඹ හා වෙරළ මාවත දිගේ පියමැන්න අයුරු මගේ මතකයේ තදින් සටහන් වී ඇත. වැලි අස්සේ එරි එරී කකුල් පැටලි පැටලී ,අත් දෙකත් ඔහේ පටලං ,තද සුළං එක්ක ඔට්ටු වෙවී, අපි බලං හිටියේ මුහුදයි අහසයි යා වෙන දිහා..එදා තිබුණේ දුකක්ද?සතුටක් ද?නැත්තම් ඒ දෙකමද? මම තවම හිතනවා.ඒවා තදින් මතකයේ සටහන් වෙලා තියෙන්නේ සමහර විට ඒවා ද ප්‍රේමයේ මතක සටහන් නිසා වන්නට ඇත.
මා එතරම් වාර ගණනක් නොරිද්දන ලෙස කළ ඉල්ලීම් සියල්ලෙන් පසුවත් නුඹ එතරම්ම වාර ගණනක් රිදවූයේ කෙසේද?
අපි ආදරේ පටන් ගත්තොත් අපිට ඒක ඉවර කරන්න වෙනවා.පටන් ගන්න හැම දෙයක්ම ඉවර වෙන නිසා අපිට ඒක පටන් නොගෙන ඉන්න තිබුණෙ.පටන් නොගෙනම අපි අපිට ආදරේ කරන්න තිබුණෙ. ඒක හරියට පටන්ගෙනත් නැති ඉවර වෙලත් නැති අතරමැද තැනක ඉඳන්..
ඉතින් සමහර තැන්වල කිසිඳු හේතුවක්,ස්පර්ශයක්,වචනයක් පවා නොමැතිව මට නුඹව මතකය. කෙනෙකු අහේතුකව මතකයේ රැඳීම තරම් ගැඹුරු හැඟීමක් තවත් තිබේදැයි මම නොදනිමි..
ප්‍රේමයට ද ඇතැම් සෘතුවල වෙහෙසක් දැනෙනවා ඇති.ඉතින් අපිට පුළුවන්නෙ විරාමෙක විවේකයක් ගෙන නැවත හමු වෙන්න. අතොරක් නැතුව සිප ගන්න.. ආසම උරහිස උඩ ඔලුව තියාගෙන කොච්චරක් සතුටුද කියලා කියන්න .නුඹ කැමතිම කිව්ව ... "කවුරුවත් නැති රෑ පාළු වීදිවල ඔහේ අත් පටලන් කකුල් රිදෙනකන් ඇවිදින්න..."
ඉතිං අවසානයෙත් ප්‍රේමය මතම පමණක් යැපීම් කරනා ගණුදෙනුවක සාඩම්බර අයිතිකාරියක් වීමට පාරමී පුරන බව කියමි.ලියා තබමි.

අනූ🍁

Best🖤
ReplyDelete😍😍
DeleteSuperb👌❤️
ReplyDelete😍😍😍
Delete👍👍
ReplyDeleteThnk u sithu, thaksala, නිම්නය
ReplyDelete😍😍
ReplyDelete👍👍👍👍
ReplyDeleteNiyamai
ReplyDelete👌👌
ReplyDelete👍👍
ReplyDelete😍😍
ReplyDeleteHarim hegimbarai..
ReplyDeletebest😘🎉️🎉️🎉️
ReplyDeleteLassani
ReplyDelete👉💜️💜️
ReplyDelete