නුඹ,මම සහ අපි💗


ජීවිතය පුරාවට තිබුණේ හුරු පුරුදු දවස් .. නුඹ, මම සහ අපි අතර. “ඔබ ප්‍රේම කරන්නට කලියෙන්  ආදරේ කරන්න”.මම නුඹට නිතර පැවසුවෙමි. නුඹ ප්‍රේම කරන්නට පෙර... මට,මා වටා ඇති වටපිටාවටත් එක ලෙසින් ආදරය කරන්නට පුරුදු විය යුතුය. ඒවා පවතින ලෙසින් භාර ගන්නට හුරු විය යුතුය. නුඹට අවැසි ලෙස කපා කොටා වෙනස් කර ගත් පසු නුඹට හිමි වන්නේ මා නොව. මගේ භෞතිකය පමණක් බව වටහා ගන්නට නුඹ සමත් විය යුතු ය. එවිට පමණක් නුඹට ප්‍රේම කරනා ලෙසින්ම ආදරය කරන්නට හැකි ය. එය විඳින්නට හැකි ය. එය තුළ ජීවත් වන්නට හැකි ය. නො එසේනම් නුඹට මට ප්‍රේම කළ හැකි ය. ආදරේ කළ නොහැකි ය.

ඉතින් ප්‍රේමිය, මම බයම ..නුඹට නොහැඟෙන, මට පමණක් දැනෙන තත්පරවලට..හිත මොහොතකට ගිනියම් කරන ,හදවත වේදනාවෙන් පසාරු කරවන , හදවත ගැඹුරටම ග්‍රිල් කරන මඟ හැරීම්වලට. ඉඳින් අපි තැවෙන්නට පෙරාතුව ,නිවෙන්නට හැකි මතකයන් වෙනුවෙන් ප්‍රේමයෙන් වෙළෙමින් සිනහසිය  යුතු ය.මතක ගොනු පොදි ගැසිය යුතු ය.

තාමත් අපි එදා පිය නඟපු අඩිපාරවල් ඒ වගේම හරි තරුණ යි. මඟ බලපු මංසන්ධි එදා වගේම හරි අපූරුවට මඟ බලනවා. ඉතින් ප්‍රේමිය ,මට හිතෙන විදිහට උපන් ප්‍රේමයකට මිය යෑමක් නැහැ. තියෙන්නෙ තාවකාලික යටපත් වීමක් පමණයි. ජීවිතේට එන ඉඩෝර කාල හරි ලස්සනයි, අපි දරා ගන්නවනම්..වැහි බීරුමක හවසක,උසම කඳු මුදුනක,කලු කෝපි තොල ගාන ගමන් අපිට පුළුවන් නම් අපිට, අපි මඟ හැරුණ තැන ගැන ඔහේ කියවන්න..

“ඉඩෝර ඇවිදින් නොතියෙන්න ජීවිතේකට, මිනිස්සු කොහොමද දන්නෙ වැස්ස සීතල වග... ඉතින් හැම සෘතුවක්ම අහම්භයක් නොවේ.සැලසුමක් මිස ..අපිට ජීවිතේ හදාරන්නම උදා වුණ..!

අනූ💚



 


Comments

  1. ලස්සනයි❤️❤️

    ReplyDelete
  2. Hello, this is Zoha (insta: @selffaholic) I started blogging here about a month ago but I noticed that there is no any engagement of other bloggers or people. It's so hard to interact with others. So I'm creating a community of 'Bloggers' especially for girls, on Instagram to share our blogs and engage with each other. I'm giving my link below:- https://instagram.com/selffaholic?igshid=q3o99nrokvb9
    Plz, msg me here so that I'll be able to add you to a group. Thanks :) 

    ReplyDelete
  3. Intersting♥️♥️Keep it up dear

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤