ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.
සංවර්ධන සන්නිවේදනය 2වන ලෝක යුද්ධයෙන් පසුව 1980 දශකය දක්වා කාලය තුළ ක්‍රියාත්මක වීම සහ ඉන් අනතුරුව සංවර්ධනය සිදු වන රටවල්වල අද දක්වා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රායෝගික භාවිතය තුළ සංවර්ධන සන්නිවේදනය භාවිතා කළ ආකාරය ගැන සංසන්ධනාත්මක ඇගයීමක් ...
සන්නිවේදනය යන වචනය ලතින් වචනයකින් බිඳෙන බව දනිමු.එහි
අරුත වන්නේ පොදු හා හුවමාරුව යන්න යි. සන්නිවේදනය සමාජ ක්‍රියාවලියකි. මානව සබඳතා
ඉදිරියට ගෙන යන වාහකයකි. ඉපැදීමට වෙර දරමින් සිටි සන්නිවේදනය ,මිනිසා පොළව මත
පරිණාමය වීමත් සමඟ බිහි විය. සන්නිවේදනය පැතිරුණු විස්තීරණ ක්‍රියාවලියකි.එහි
පරිධිය අසීමිත ය.අන්තර් සම්බන්ධිත ය. මෙලෙස විශ්ව විද්‍යාවක් වූ සන්නිවේදනය විවිධ
ක්ෂේත්‍ර ඔස්සේ පැතිරෙන බව අපට දැකිය හැකිය.මෙලෙස සන්නිවේදනය විවිධ අංශ ඔස්සේ
පැතිරෙන විට “සංවර්ධන සන්නිවේදනය” යනු ඉතාමත්ම පුළුල් ක්ෂේත්රයක පැතිරෙන විෂයානුගත
පරිචයකි.
“සංවර්ධන සන්නිවේදනය යනු,සංවර්ධනය නැමැති ක්‍රියාවලියේදී
,මාධ්‍ය හා සන්නිවේදනය භාවිතා කරන්නේ කෙසේ ද?” යන්න පිළිබඳ විමසා බැලීමයි. මෙහිදී,
Ø සංවර්ධන සන්නිවේදනය.( Development Communication)
Ø සංවර්ධනය සඳහා සන්නිවේදනය.(Communication
for Development)
Ø සංවර්ධනය පිළිබඳ සන්නිවේදනය.(Communication
about Development)
Ø සංවර්ධන සහායක සන්නිවේදන.(Communication support
Development)
ලෙස අංශ කිහිපයක් යටතේ “සංවර්ධන සන්නිවේදනය” වර්ගීකරණය
කළ හැකි ය.
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ ඉහත දැක්වෙන ක්ෂේත්‍ර නම් කරන
විට දී, මාධ්‍ය හා සන්නිවේදනය සංවර්ධනය උදෙසා විවිධ පැතිකඩ ඔස්සේ භාවිතා කරන ආකාරය
අපට දැකිය හැකි ය.එලෙසම සංවර්ධන සන්නිවේදනය පිළිබඳ අධ්‍යනයේ දී ,දේශීය පර්යේෂකයන්
සේම බටහිර පර්යේෂකයින් ද විද්‍යාඥයින් ද කළ විවිධාකාරයේ පර්යේෂණ අපට හමු වෙයි.
සංවර්ධනය යන්න මූලික ලෙස විවරණය කිරීමේදී එය මානව
ජීවිතයේ සෑම ක්ෂේත්රයකම
භෞතිකමය හා අධ්‍යාත්මික ලෙස
පැතිරුණු හිතකර වර්ධනය ලෙස හැඳින්විය හැකිය.
2වන ලෝක යුද්ධයෙන් පසුව මෙම සංවර්ධනය පිළිබඳ සංකල්පය
බිහි විය. සංවර්ධනය පිළිබඳ නිර්වචන විමසීමේදී විසි වන
සියවස මූල භාගය තෙක් හා පසුව පැවැති විග්රහයන් මත ප්‍රධාන
කොටස් දෙකකට බෙදා දැක්විය හැක. 20 වන සියවසේ මූල භාගය තෙක්ම විශේෂයෙන් දෙවන ලෝක
යුද්ධය පමණ තෙක් පැවැති විග්රහයේ හරය වන්නේ, එය මුල්‍යමය, භෞතිකමය, සංඛ්‍යාත්මක
ලෙස, ප්‍රමාණාත්මක
ලෙස ඇති වන වර්ධනයක් බවයි.
එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව එම වාතාවරණය
වෙනුවට ඒකපුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදන මට්ටම, දළ
දේශීය ආදායම, ළදරු
හා මාතෘ මරණ අනුපාතය, පෝෂණ මට්ටම, සාක්ෂරතාවය වැනි
මිනුම් දඬු සංවර්ධනය මැනීම සඳහා භාවිතා විය.
එලෙසම “සමාජීය සංවර්ධනය” ප්‍රවර්ධනය සඳහා ද සන්නිවේදන කාර්යය කෙසේ ද
යොදාගන්නේ?ලෙස අපට විමර්ශනය කළ හැකි ය. “සමාජීය සංවර්ධනය යනු මිනිසුන් ජීවත්
වීමේදී යහපැවත්මට අවශ්‍ය සමාජීය සාධක(වාහන,ඉඳුම් හිටුම්,මිල මුදල්,පරිසර
සුන්දරත්වය)යනා දී වූ සාධක වැඩි දියුණු කිරීමයි. මෙහිදී සාධනීය සමාජ වෙනසක් ඇති
කිරීමට සන්නිවේදන මූලධර්ම භාවිත කරන ආකාරය “සංවර්ධන සන්නිවේදනය”) යැයි හඳුන්වමු.
වර්තමානය වන විට මෙම තත්ත්වය
තවදුරටත් පුළුල් වෙමින් විවිධ දේශපාලන ක්‍රම, රටවල්, විෂයයන්
පදනම් කොට ගෙන නිර්වචනය ගොඩනැඟී තිබේ. උදාහරණ ලෙස සමාජවාදී
විග්‍රහය, ධනවාදී
විග්‍රහය, පරිසරවාදී විග්‍රහය, බෞද්ධ
විග්‍රහය.ආදී ආකාරයට.
“සංවර්ධනය” නිර්වචන ආශ්රයෙන් විග්රහ කිරීම.
රටක දුප්පත්කම අඩු වී තිබේ ද?එම රටෙහි අසමානතාවය අඩු වී තිබේ ද?එම රටෙහි
සේවා වියුක්තිය අඩු වී තිබේ ද?එසේ නම් එවැනි රටක් සංවර්ධිත රටක් බව ඩඩ්ලි
සියර්ස් පවසයි.
කාල්
මාක්ස්(1971) සංවර්ධනය
ලෙස දකින්නේ ප්රාග්ධනය, නිෂ්පාදන
කම්කරු පංති අතර බෙදීයාමක් ලෙසය.
විමල්
දිසානායක ජාතික සංවර්ධනය යනු ප්‍රධාන
වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජීය
සංවර්ධනය, සදාචාරාත්මක
සංවර්ධනය යන කොටස් වලින් පරිපූර්ණ වූ ක්‍රියාවලියක් බව පවසයි.
සර්
ආතර් ලුවිස් සංවර්ධනය යනු, ආර්ථික
සංවර්ධනය පමණක් නොව, ඕනෑම
රටක්, මානව
වර්ගයක්, ජාතියක්, භාෂාවක්, ආගමක්, සමාජයක්, දැනුම්
ප්‍රමාණයක්
නැති මට්ටමක සිට ඇති මට්ටමට පත්කරලීමක් බව පවසයි.
ජෝර්ජ්
එම් පෝස්ටර් සංවර්ධනය යනු තාක්ෂණික දියුණුව, මහජන
සෞඛ්‍ය ආධාර, කෘෂිකාර්මික
ව්‍යාපෘති
යෝජනා ක්‍රම, ප්‍රජා
සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක
කිරීම ආදිය සම්බන්ධ සකල විධ දියුණුව හා ජනතාවගේ ජීවන මට්ටම උසස් තත්ත්වයට
පත්කරලීමත්, සංවර්ධනයේ
වාසිදායක තත්ත්වයන් ජනතාව අතර බෙදීයාමට සැලැස්වීමත්,බව පවසයි.
සංවර්ධනය
සන්නිවේදනය යනු කුමක්ද? වඩාත් පුළුල් ලෙස ගත
හොත්,සංවර්ධන ව්‍යාපෘති, දැනුම
ආදිය පිළිබඳවත්, ජනතාවගේ
ජීවන තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට සන්නිවේදනය මඟින්
කෙරෙන කාර්යය සංවර්ධන සන්නිවේදනයයි. නැතහොත් රටක
ජාතික සංවර්ධනය
සඳහා ජනතාව දැනුවත් කිරීමටත්, පෙළඹවීමටත්, පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිණිය
හෝ වෙනත් සාම්ප්‍රදායික
සන්නිවේදන මාධ්‍ය
භාවිතා කිරීම සංවර්ධන සන්නිවේදනයයි. “කිසියම් ජනතාවක් දරිද්‍රතාවයේ
සිට වඩාත් සමෘද්ධි සම්පන්න තත්ත්වයක් කරා පත් කිරීමටත්, ආර්ථික වෘද්ධිය ඇති කිරීමටත්, සමාජ සමානාත්මතාව පතල කිරීමටත්, මිනිසාගේ නෛසර්ගික ශක්ත්යාවලින්
නිසි ප්‍රයෝජන ලබාගැනීමටත් අනුබල දෙන සන්නිවේදනය සංවර්ධන
සන්නිවේදනයයි.” යැයි මහාචාර්යය විමල් දිසානායක මහතා පැවසීය.
1950 සිට 1980 දක්වා කාලය තුළ සිදු වූ සංවර්ධනාභිමුඛ
පර්යේෂණ,අත්හදා බැලීම්.
1950 සිට 1980 දක්වා කාලය තුළ
සංවර්ධන සන්නිවේදනය පිළිබඳ නොයෙක් අත්හදාබැලීම්,පර්යේෂණ ආදිය සිදු විය.මෙහිදී
බටහිර කේන්ද්‍රීය අත්දැකීම්,පර්යේෂණ,ඇමරිකාව,යුරෝපීය රටවල් තුළ ඉතාම ඉහළ මට්ටමකින්
සිදු විය.2වන ලෝක සංග්‍රාමය 1939 සිට 1945 වර්ෂය දක්වා රටවල් සිසාරා විහිදෙන්නට
විය.2වන ලෝක යුද්ධයේදී ජර්මනියේ හිට්ලර් අට කෝටියක් ජනතාවගේ සිතුවිලි අකා
මකා දැමීමට ජනමාධ්‍ය භාවිතා කරන ලදී. ඇමෙරිකාවේ ජනපති හැරී ටෘමන් සඳහන් කළේ
, “ලෝකයේ සිටින ජනතාවගේ අර්ධ දරිද්‍රතාවය මඟ හැර ගැනීමට කටයුතු කළ යුතු බවයි. 1950 සිට 1980 අතර කාල පරාසය තුළදී 1958 වර්ෂයේදී
“ඩැනියෙල් ලර්නර්” විසින් ,කසකස්ථානය,බලුකිස්ථානය,තුර්කිස්ථානය,ඇෆ්ගනිස්ථානය,ඉරානය
හා ඉරාකය රටවල් යොදාගෙන පර්යේෂණයක් සිදු කළේ ය.ඇමරිකාව විසින් සිදු කරන
බොහෝමයක් පර්යේෂණ ප්‍රායෝගික ය.ජනමාධ්‍යට ගුරුවරයෙකුගේ කාර්යයභාර්යය සිදු කළ හැකි
බව මොහු පැවසූ අතර යම් සමාජයකට ජනමාධ්‍ය ගෙන ඒමට නම් සමාජය 25%කාර්මීකරණය විය යුතු
බව ඔහු පැවසී ය. එලෙසම ලර්නර් විසින් සංවර්ධනය පිළිබඳ සමීකරණයක් ලොව හමුවේ
ඉදිරිපත් කරන ලදී.මෙහිදී ඔහු පැවසූයේ සංවර්ධනය වීමට රටක ජනමාධ්‍ය ,අධ්‍යාපනය,සාක්ෂාරතව
යන සියල්ල අවශ්‍ය බවයි. ප්‍රධාන වශයෙන්ම සමාජ නවීකරණය කිරීමට ජනමාධ්‍ය අවශ්‍ය බව
ඔහුගේ මතය විය. “The passing of the traditional society” යන ඔහුගේ පර්යේෂණ ලිපිය ඔහුගේ මෙම සංවර්ධන සංකල්ප පිළිබඳ මැනවින් දක්වා
ඇත.
1964 වර්ෂයේ දී විල්බර්ශ්‍රාම් විසින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින්,ඉන්දියාවේ භවානි,දකුණු අප්‍රිකාවේ අයිෆන් යොදා ගනිමින්
ජාතික සංවර්ධනයේදී ජනමාධ්‍යවල කාර්යයභාර්ය පිළිබඳ පර්යේෂණ ඉදිරිපත් කරන ලදී.රජය හා
ජනතාව අතර සම්බන්ධීකරණ ක්‍රියාවලියට ජනමාධ්‍ය අවශ්‍ය බව ඔහු පෙන්වන ලදී.නව මතවාද
ඇති කිරීමට ජනමාධ්‍ය අවශ්‍ය බව ද ඔහු පවසන ලදී.
1968 සිට 1970 අතර කාලයේ එවරට්.එම්.රොජර්ස් ,ඇමෙරිකානු මහාචාර්යවරයෙකු සේම
සන්නිවේදන පර්යේෂකයෙකි. “තොරතුරු විසීරණය” මොහුගේ පර්යේෂණ ක්ෂේත්රය විය.තොරතුරු
විසරණය මඟින් සමාජයේ අස්සක් මුල්ලක් නෑර ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු ව්‍යාප්ත කිරීම
සිදුවන බව මොහු පැවසීය. එලෙසම මොහු ප්‍රායෝගිකව රටවල්වල ගවේශණය කොට මිනිසුන් ජීවන
රටා නිරීක්ෂණය කොට සංවර්ධන සන්නිවේදනය යනු කුමක්දැයි හඳුන්වා දුන්නේ ය.එමෙන්ම
සංවර්ධන ක්‍රියාවලියේ අරමුණ විය යුත්තේ ,සංවර්ධන ක්‍රියාවලිය සිදුවන සෑම පාර්ශවයකම
සංවර්ධන ක්‍රියාවලිය තුළ වෙනසක් ඇති කිරීම සඳහා සහයෝගය ලබා ගැනීම ය.
1970 වර්ෂයේදී මහාචාර්යය නෝරා.සී.කබ්රාල් ට අනුව,සම්පූර්ණයෙන් රටක ආර්ථික
මට්ටම පහළ සිට ඉහළ අගයන් කරා ගමන් කිරීමේදී ,
“සමාජයේ සිටින සෑම අයෙකුගේම හැකියාවන් හා ශක්‍යතාවයන් සංවර්ධන ක්‍රියාවලියට
එක හා සමානව දායක කර ගත යුතු බවත්, එලෙසම සංවර්ධනයේ අන්තඵල එක හා සමානව බෙදී යා
යුතු බවත්” ඔහු පවසයි.මේ සියල්ල සම්බන්ධ සන්නිවේදනයේ කලාව හා විද්‍යාව සංවර්ධනය
බව”නෝරා.සී.කබ්රාල් පවසයි.
මෙහිදී “කලාව” ලෙස ඔහු පවසා ඇත්තේ මිනිසුන්ට යමක්
සන්නිවේදනය කරන විටදී නිර්මාණාත්මකව, ළඟන්නා සුළු ආකාරයට,අභිප්රේරණාත්මකව,නම්‍යශීලීව
සන්නිවේදනය කළ යුතු බව යි.
නිද: මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය,නව වගා ක්‍රම,බීජ ක්‍රම
පිළිබඳ හඳුන්වා දීම,චිත්‍ර කතා ආදිය භාවිත කිරීම ප්‍රජා ගුවන්විදුලි(ගිරාඳුරු
කෝට්ටේ,මහවැලි C),වාර්තා චිත්‍රපට මේ
සෑම අංගයක්ම සන්නිවේදනයේ කලාත්මක භාවිත ලෙස හඳුන්වා දිය හැකි ය.
මෙහිදී “විද්‍යාව” ලෙස හඳුන්වා ඇත්තේ සංවර්ධන ගැටලුවක්
හඳුනා ගැනීමේ සිට විසඳීම දක්වා වූ ක්‍රම පිළිවෙතයි.මේ පිළිබඳව නෝරා.සී.කබ්රාල්
පර්යේෂණාත්මකව මේ කරුණු ඉදිරිපත් කොට ඇත.
1950 සිට 1980 දක්වා කාලය පිළිබඳ විමර්ශනයේදී,සංවර්ධනයට
මුල් වුණු සංවර්ධන ආකෘතිය “නවීකරණය”(Modernization)බව පැහැදිලි වෙයි.මෙය ඇතුළත කාර්මීකරණය,නාගරීකරණය,
තාක්ෂණික නියැතිවාදය ආදී ය අන්තර්ගත වේ.නවීකරණය කර්මාන්ත ශාලා ඇසුරුකරගෙන
සිදු විය. වාෂ්ප යන්ත්‍රය වැඩි දියුණු කර ,ජොහැන්නස් ගුටෙන්බර්ග් ගේ මුද්‍රණ යන්ත්‍රය
සොයා ගැනීමේ සිට ලෝකයේ මහත් පෙරළියකට මඟ විවර විණ.එහි ප්‍රතිඵලයක් ලෙස බයිබලය ලොව
වටා ව්‍යාප්ත වීම සිදු විණි.එලෙසම සෑම සන්නිවේදන කාර්යයටම සමාජ,දේශපාලනික හා
මතවාදී කාරණාවක් ඇති බව මින් තහවුරු විය.ඩඩ්ලි සියර්ස් ට අනුව සංවර්ධනයට ප්‍රාථමික
සමාජ නවීකරණය කළ යුතු ය.ජනමාධ්‍ය නොමැතිව මෙම නවීකරණ ක්‍රියාවලිය සිදු කළ නොහැකි
බව ඔහු සොයා ගන්නා ලදී.මෙලෙස නවීකරණයට 1.සහවේදනය (Empathy) 2.ජංගම පෞරුෂය(Mobile Journalism) යන ගුණාංග තිබිය යුතු බවත් ඔහු පැවසී ය.නවීකරණය පිළිබඳ
සාකච්ඡා කරන විටදී බ්‍රිතාන්‍ය ප්රමුඛ නියමුවා ලෙස කටයුතු කළ අතර බොහෝ රටවල්
ඔවුන්ගේ වහලුන් ලෙස යොදා ගත්තේ ය. මෙය බලවත් නිලධාරීවාදයක් හා යැපුම් මානසිකත්වයක්
නිරූපණය කරයි.මෙහිදී බ්‍රිතාන්‍ය වැනි රටවල් කාර්මීකරණය උදෙසා “ශ්‍රම විමජනය” වැනි
ක්‍රම ශිල්ප භාවිත කරන ලදී.මෙහිදී අඩු වැටුපකට ඉහළ ශ්‍රමයක් යොදාගනිමින් වහලුන්
ලෙස සේවකයින් යොදාගනිමින් මොවුන් සංවර්ධනයේ හිණිපෙත්තටම ගමන් කළෝ ය.මෙහිදී දක්නට
ලැබෙන්නේ ඉහළ සිට පහළට තීන්දු තීරණ ගැනීමයි.මෙලෙස කාර්මීකරණය හමුවේ සංවර්ධනයේ
ඉදිරි පියවර දක්වා ගමන් කරන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක් ,චීනයේ බීජිං,ජපානයේ
ටෝකියෝ,රුසියාවේ මොස්කව් ,බ්‍රිතාන්‍යයේ ලන්ඩන් වැනි ඉහළ නාගරීකරණ
ලක්ෂණ පිළිඹිබු කරන නගර දූෂිත වීම නොනැවැත්විය හැකි කරුණක් බවට පත් විය.ඕසෝන් වියන
සිදුරු වීම,නගර ආශ්‍රිතව කුණු ගොඩ ගැසීම ආදී පාරිසරික ගැටලුවල සිට එංගලන්තය වැනි
රටවල ළමුන්ට හිරුඑළිය නොමැතිකම හේතුවෙන්
මානසික රෝග ඇති වීම දක්වා උග්‍ර හායනයක් මෙහිදී සිදු විය.
මෙහිදී පැරණි නිර්මාණකරන සම්ප්රදාය පසු කොට (යශෝරාවය,දූ
දරුවෝ) ඇමරිකාව ආදී රටවල්වලින් ටෙලිනාට්‍ය ගෙන්වීම ආදී කටයුතු සිදු විය.මෙහිදී
සන්නිවේදනය භාවිතය තුළ ඇබ්බැහි කරවන සුළු ගතියක් දක්නට තිබීම විශේෂත්වයකි.
1960,1970 කාලයේ සිට අද දක්වා සංවර්ධනය සිදුවන කාලය තුළ
සිදු කළ පර්යේෂණ,සංකල්ප,න්‍යායන් අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී සංවර්ධනය වන
කලාපයේ ,ද.ඇමෙරිකාව,නැ.යුරෝපය,ශ්‍රී ලංකාව වැනි රටවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු
ය.මෙහිදී, සංවර්ධනය සඳහා සන්නිවේදනය,සංවර්ධනය පිළිබඳ සන්නිවේදනය,සංවර්ධන සහායක
සන්නිවේදනය වැනි ක්ෂේත්‍ර සාකච්ඡා කරයි. සංවර්ධනය සඳහා සන්නිවේදනය (Communication
for Development) පිළිබඳ
විමසීමේදී සිරිනිවාස්.ආර්. මැල්කොට්ගේ, communication for development
and social change,යන පර්යේෂණාත්මක ලිපිය වැදගත් වෙයි.සංවර්ධන සන්නිවේදන මෙහෙයුම් සඳහා පොදුවේ
,වගකීම පැවරී තිබුණේ නවීකරණය කෙරෙහි ය.
වේගවත් සමාජ වෙනසක් ඇති කිරීම මූලික පරමාර්ථය විය.මෙහිදී වේගවත් සමාජ වෙනසක් ඇති
කරලීමට සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයන් නවෝත්පාදන නවීකරණය කිරීමට,ඔවුන්ගේ
ආකල්ප හා හැසිරීම් වෙනස් කිරීමෙන් සමාජ වෙනසක් ඇති කරලීමට හැකි බව ඔහුගේ පර්යේෂණ
ලිපියේ සඳහන් වෙයි.මෙහිදී ගුවන්විදුලිය වැනි ජනමාධ්‍ය භාවිතා කරන බව එවරට්
.එම්.රොජර්ස් පවසා ඇති බවත් එහි තවදුරටත් සඳහන් වෙයි.සංවර්ධනය වෙමින් පවතින රටවල
සංවර්ධන ක්‍රියාවලියට වගකිව යුත්තේ සමාජ ව්‍යූහය හෝ දේශපාලන ආකෘතිය නොව ,ප්රතිගාමී
ආකල්ප හා නොදියුණු රටවල් පිටුපස රඳවාගෙන සිටි නවීකරණ නවෝත්පාදනවල ඌණතාවය බව ඔහු
පැවසී ය.එලෙස ම සංවර්ධිත රටවල්වලින් නව අදහස් හා ආකෘති හුවමාරු කිරීමට සුදුසුම
වාහකය ලෙස ජනමාධ්‍ය භාවිත කරන බව ද මෙහි දක්වා ඇත.සැබවින්ම මැල්කොට් අරමුණු කොට
ගෙන ලියූ සමාජ වෙනස 1960,1970 මෙම කාලවකවානුවේ ඇති වූ බව දැකිය හැකි ය.
ඇමරිකාවේ
ඉතියොල් ද සෝලා පුල්(1981-1983) සංවර්ධනය
පිළිබඳ පැවසූ මහාචාර්යයවරයෙකි. සංවර්ධනයේ දී මිනිසුන්ගේ දේශපාලන සහභාගීත්වය වැදගත්
බව ඔහුගේ මතය විය.ඡන්දය දැමීම,තීන්දු තීරණ ගැනීම ,ප්‍රාදේශීය සභා,පලාත් පාලන ආයතන
නියෝජනයට ගමේ දේශපාලන සහභාගීත්වය වැඩි කිරීමට ජනමාධ්‍ය අවශ්‍ය බව ඔහුගේ අදහස
විය.මේ සඳහා විකල්ප දේශපාලන පක්ෂ නිර්මාණය කළ යුතු බවත් මෙයට උත්ප්‍රේරක ලෙස
“ජනමාධ්‍ය” භාවිතා කළ යුතු බවත් ඔහු පවසන ලදී.
සංවර්ධනය වන කලාප, දකුණු
ආසියාව,චීනය,ද.ඉන්දියාව,බුරුමය,මියැන්මාරය,ද.අප්‍රිකාව,ද.ඇමරිකාව බ්‍රිතාන්‍යයට
එරෙහිව නිදහස දිනා ගැනීමට අරගල කරන ලදී.මේ අරගලවලදී සන්නිවේදන කාර්යයන් සිදු විය.
මෙහිදී චීනයේ “මා ඕ සේතුං”වහල් භාවයෙන් චීන වැසියන්
මුදවා ගැනීමෙහි ලා ඔවුන්ගේ චින්තනය වෙනස් කළ ආකාරය ඉතාමත් වැදගත් වෙයි. චීන ජනයාගේ
පෞරුෂය නඟා සිටුවීමට මා ඕ විශාල සටනක් දියත් කළේ ය.කොමියුනිට්ස් පාලකයෙක් ලෙස ඔහු
මෙලෙස ජනයාට සන්නිවේදනය කළේ වචන ඇසුරිනි.චීනයේ සංවර්ධන සන්නිවේදන භාවිතය පිළිබඳ
සාකච්ඡා කරන විට දී,චීන ආකෘතිය(Chinese Model)සුවිශේෂී ය.මෙය මහජන චීනයේ සාම්ප්‍රදායිකව වර්ධනය වූ
සංවර්ධන ආකෘතියකි.මෙය මාක්ස්වාදය පදනම් කරගෙන වැඩි දියුණු වූවකි. එබැවින් නිෂ්පාදන
ක්‍රියාවලිය,පන්ති සම්බන්ධතා,හා අරගල සම්පත් බෙඳී යාම යනාදී කරුණු අවධානයට
ගැනේ.මෙම ආකෘතියෙන් කියවෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන් සංවර්ධනයට සම්බන්ධ වන පුද්ගලයා
අවසන් වශයෙන් රජය සමඟ බැඳී සිටින බවයි.මහජන සහභාගීත්වය මෙම ආකෘතියේ ප්‍රධාන
ලක්ෂණයකි.ඔවුන්ගේ මුඛ්‍ය පාඨය ද “මහජනයාගෙන් මහජනයාට” යන්න ය.සංවර්ධන කාර්යය ඉටුකර
ගැනීමේදී ජනතාව සමඟ සම්බන්ධ වන ප්‍රධාන කරුණු හතරකි. 1.ප්රජානනය 2.සාරාංශකරණය
3.ප්‍රාමාණීකරණය 4.ක්‍රියාවට පරිවර්තනය කිරීම. මෙම ආකෘතිය නිලධාරී පැලැන්තියේ
බලය පැතිරවීම අවම කිරීම,කාර්මීකරණයට වහල් නොවීම,ජනතාව හා රජය අතර පරතරය අඩු කොට
සම්බන්ධතා වර්ධනය කිරීම,කුඩා කණ්ඩායම්වලට මුල් තැන දීම ආදී කරුණු කෙරෙහි වැඩි
අවධානයක් යොමු කර ඇත.චීන ආකෘතියේ අපේක්ෂිත අරමුණු වූයේ ජාතික සංවර්ධනයට අදළ
සැලැස්ම ක්‍රියාවට නැංවීම,පොදු සාමුහික විඥාණයක් ගොඩ නැඟීම ආදී මූලික කරුණු
ය.චීන සංවර්ධන ආකෘතියේදී ජනමාධ්‍ය යොදා ගැනෙන්නේ “පුද්ගලාන්තර සන්නිවේදනය”
වඩාත් හොඳින් ශක්තිමත් කිරීමට ය.
මෙලෙසම භාෂා
200කටත් අධික ඉන්දියාව තුළ ද මහත්මා ගාන්ධි පුද්ගල පෞරුෂය සංවර්ධනයෙහි ලා සුවිශේෂී
කර්තව්‍යක් ඉටු කරන ලදී.තැනින් තැනට ගොස් ඉන්දියාවේ එම සන්නිවේදන ක්‍රියාවලිය ඔහු
සිදු කරන ලදී.ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල,පියදාස සිරිසේන,මිගෙට්ටුවත්තේ ගුණානන්ද
හිමි ද බටහිරට විරුද්ධව ජාතිකවාදී මතයක් ගොඩනැඟීමෙහි ලා සන්නිවේදන කාර්යය සිදු කරන
ලදී.අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා,කියුබාවේ පිදෙල් කැස්ත්‍රො,ලතින් ඇමරිකාවේ
අර්නස්ට් චේගුවේරා මිනිසුන්ව දැනුවත් කිරීමට “කුඩා කණ්ඩායම් සන්නිවේදනය”
,පුද්ගලාන්තර සන්නිවේදනය වැනි සන්නිවේදන ක්‍රම භාවිත කරන ලදී.මහාචාර්ය මැල්කොට්
පැවසූ පරිදි “මිනිසුන් සෑම දෙයකටම එකඟ වෙනවාට වඩා ප්‍රති විරෝධි වීම බල ගැන්විය
යුතු යි” ඉතාමත් වටිනා සංකල්පයකි.මෙහිදී ඔහු තවදුරත් පැවසූයේ සංවර්ධනය උදෙසා
යැපුම් මානසිකත්වයෙන් ඔබ්බට ගොස් “එරෙහි වීම තිබිය යුතු බවයි”.
ග්‍රාමීය
ප්‍රදේශ
ලෝකයේ සමස්ත
සංවර්ධනය වන 2/3 ක් වන
රටවල් ප්‍රමාණයෙන්
වැඩි භූමි ප්‍රදේශයක්
වසාගෙන තිබේ. මෙම
රටවල ජනයා, සාම්ප්‍රදායික
ජීවන ක්‍රමයක්
සහිත, පහළ
යැපුම් මට්ටමේ ආර්ථිකයන්ට හිමිකම් කියන, සැලසුම් සහගත භෞතික පහසුකම් වලින්
තොර ප්‍රදේශ
වල ජීවත් වන්නේය.
මෙකී ග්‍රාමීය සමාජ
පිළිබඳ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන හඳුනාගෙන ඇති
විශේෂතා රැසකි. සාම්ප්‍රදායික ජීවන ක්‍රමයකට
කාලාන්තරයක් තිස්සේ ගොදුරු වී තිබීම, විදුලිය, ජලය, මහාමාර්ග වැනි භෞතික පහසුකම් අවමවීම,
සාම්ප්‍රදායික සමාජ
සංස්කෘතික පැවතුම්, නවීකරණය
නොවූ නිෂ්පාදන ක්‍රම,
පහළ යැපුම්
මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රම,
ඉඩම් කැබලිකරණය
සහ ඵලදායීතාවය අවමවීම, ගොවීන්ට
ඉඩම් අයිතිය අහිමිවීම, ප්‍රාථමික
නිෂ්පාදන ක්‍රම
නිසා නාස්තිය වැඩිවීම, විරැකියාව,
මන්දපෝෂණය හා
ලෙඩරෝග, ප්‍රාග්ධන හැකියා
අවමවීම, විවිධාංගීකරණය
අවමවීම, තිරසාර බවක් නොතිබීම, අසංවිධානාත්මක
කළමණාකරණය, සෞඛ්‍ය, ප්‍රවාහන
සහ අධ්‍යාපනික
අවශ්‍යතා
ගැටළු සහගත වීම එහිදී ප්‍රමුඛය. ග්‍රාමීය
ජන සමාජ සංවර්ධනයේදී භාවිතා කරන සන්නිවේදන වර්ග පිළිබඳ සාකච්ඡාවේදී ,ග්‍රාමීය
සංවර්ධනයේදී අදහස්, දැනුම, ආකල්ප
ඇති කිරීමටත්, ජනතා
සහභාගිත්වය ලබා ගැනීමටත්,
පුද්ගලාන්තර සන්නිවේදනය, කණ්ඩායම් සන්නිවේදනය, දෙපියවර
සංකල්පය, සාම්ප්‍රදායික
මාධ්‍යය
මෙන්ම ජනමාධ්‍යය ද
සන්නිවේදන මාධ්‍යයන්
ලෙස භාවිතා කළ හැකිය.
ග්‍රාමීය සංවර්ධනයේදී වෙනසක් ඇති කිරීම
සඳහා මාධ්‍ය
භාවිතයේදී සිදු කෙරෙන කාර්යයන් රැසකි. ජනතාව සංවිධානය
කිරීම, දැනුවත්භාවය
සෑම ක්ෂේත්රයකටම
පුළුල් කිරීම, ජීවන
ධාරිතාව පුළුල් කරන සුළු රසවින්දනය, ඇඟයීම් සංවර්ධනය කිරීම, නාස්තිය
හා දූෂණය පිළිබඳ අවබෝධය, විවෘත
භාවය හා ප්රජාතන්ත්රවාදය
පුළුල් කිරීම, ජල
පරිභෝජනය හා කෘෂිකාර්මික අවබෝධය පුළුල් කිරීම, බලශක්ති කළමණාකරණය, ඵලදායිතාවය
සෑම අංශයකටම පුළුල් කිරීම,
ප්‍රජා සෞඛ්‍ය
පිළිබඳ අවබෝධය හා නීරෝගීභාවය පිළිබඳ පුරුදු වර්ධනය කිරීම, ඉඩම්
පරිහරණය, විවිධාංගීකරණය
ව්‍යාප්ත
කිරීම මෙහිදී සිදු වෙයි. මොවුන් අතර
තොරතුරු හුවමාරුව සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය වැදගත් ය.
කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය, විනෝදය
සඳහා භාවිතා වන නූතන කාර්මික තාක්ෂණික මෙවලම් භාවිතා නොවන සන්නිවේදන ක්‍රම
සාම්ප්‍රදායික
මාධ්‍ය ලෙස
අර්ථ දැක්විය හැකිය. එසේත් නැතහොත් සාම්ප්‍රදායික
සමාජ වල ප්රභවය
ලැබ, ඒවා
තුළම ක්‍රියාත්මක
වූ මාධ්‍ය, ගැමි
මාධ්‍ය
හෙවත් සාම්ප්‍රදායික
මාධ්‍ය වේ.මෙහිදී අත්පත්‍රිකා,කටකතා සේම PRA tools,ගැමි පිවිසුම් ක්‍රමවේද භාවිතා කිරීම සිදු කළ යුතු ය.මෙහිදී 1950-1980 අතර කාලය
මෙන් නොව තීරණ ගනු ලබන්නේ පහළ සිට ඉහළට ය.
විසිවන සියවසේ මූල භාගයේ ලෝකයේ ඇති වන දේශපාලන, සමාජ
වෙනස්වීම් රැසකි. ප්‍රධාන වශයෙන් පළමු වන ලෝක යුද්ධය, දෙවන
ලෝක යුද්ධය, සමාජවාදී
හා ධනවාදී කඳවුරු අතර තරඟය ඇතිවීම, කලාපීය වශයෙන් රටවල් එකතුවීම ඒ අතර
විශේෂ වෙයි. මෙම
ජාත්‍යන්තර
දේශපාලනික සංවිධාන බිහිවීමේ තීරණාත්මක අවධිය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය
බිහිවීම හඳුනාගත හැකිය. එය පදනම් කරගෙන පසුව, විවිධ
සංවර්ධන සංවිධාන රැසක් බිහිවූ බව පෙනේ.
ලෝක බැංකුවේ සභාපතිවරයා පැහැදිලි කරන පරිදි 21 වන
සියවසේ උදාවත් සමඟ ඇති ප්‍රධාන
ගැටළුව නව සියවසේ සංවර්ධන ගැටළු ජය ගැනීමයි. ඒවා
නම්, දුප්පත්කම, කුසලතා
වර්ධනය, මහාමාර්ග, විදුලිය, ජලය
ආදී යටිතල පහසුකම් සංවර්ධනය, මුල්‍ය විනය ඇති කිරීම, පර්යේෂණ
මඟින් නව දැනුම උත්පාදනය හා අඛණ්ඩව දැනුවත්වීම ආදියයි.
එමෙන්ම සහස්ර ඉලක්ක ජය ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය, තිරසාර
සංවර්ධනය දිරිමත් කිරීම, නව
රැකියා උත්පාදනය, බලශක්ති
සංරක්ෂණය සහ විකල්ප බලශක්ති උත්පාදනය ආදිය කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය.
මෙහිදී
ජාත්‍යන්තර සංවිධාන බිහි වීම මූලික ලෙසම දැකිය හැකි ය. දිළිඳුකම පැතිරීම හා
සංවර්ධනය අවමවීම, ලෝක
පරිමාණයේ ගැටළුවක් බවට පත්වෙමින් පවතී. නවතම තොරතුරු
වලට අනුව හඳුනාගෙන ඇත්තේ බටහිර සංවර්ධිත රාජ්‍යයන්ගේ සංවර්ධන ඵලදායිතාවය 3% ත් 5% ත් අතර
මට්ටමකට යමින් පවතින බවයි. මෙම තත්ත්වය වඩාත් බරපතල වන්නේ
දැනටමත් පහළ මට්ටමේ සිටින සංවර්ධනය වන රටවලටය. එමෙන්ම
වර්තමානය වන විට බොහෝ රාජ්‍යයන්
වලට තමන්ගේ සංවර්ධන අවශ්‍යතාවයන්
තනිව ඉටුකර ගැනීමට ද නොහැකි තත්ත්වයක් පවතී. මෙවැනි
ගැටළු වලට මුහුණදීම සඳහා ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන රැසක් බිහිවී තිබේ.නිද:
ලෙස ,එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක
බැංකුව,ජාත්‍යන්තර
මුල්‍ය
අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව,ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක
ආහාර හා කෘෂිකර්ම සංවිධානය,යුනෙස්කෝව, යුනිසෙෆ්
සංවිධානය වැනි සංවිධාන දැක්විය හැකි ය. යුනෙස්කෝව පිළිබඳ විශේෂයෙන් දැක්වුවහොත් , මෙවැනි ආයතන වල කාර්යය භාරය තුළින් ලෝකයේ සංවර්ධනය
වෙමින් පවතින රටවල තොරතුරු ගලනය සක්‍රිය කිරීම, විශේෂඥ
දැනුම සැපයීම, තාක්ෂණික
උපකරණ සැපයීම, අරමුදල්
සැපයීම, පර්යේෂණ
සිදුකිරීම, (උදා:-
පාසල් සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහන්, ගුරු පුහුණු
වැඩසටහන්, ජාතික
අධ්‍යාපන
ආයතනය, විවෘත
විශ්වවිද්‍යාලය
ආදියට උපකාර කිරීම මෙන්ම ප්‍රජා
ගුවන්විදුලි සේවා ආරම්භ කිරීම සඳහා ආධාර කිරීම) ආදිය සඳහන් කිරීම විශේෂිත ය. ශ්‍රී ලංකාවේ ඒ .ටී .ආරියරත්න මහතා විසින්
නිර්මාණය කළ සර්වෝධය ශ්‍රී ලංකාව තුළ සංවර්ධන සන්නිවේදනය පිළිබඳ මුළු මහත්
ලෝකයම හැඳිනගත් සුවිශේෂී නිර්මාණයකි.
1980 සිට අද දක්වා සංවර්ධනය වන රටවල මාධ්‍ය භාවිතය
පිලිබඳ තවදුරටත් විමසීමේදී, ජනමාධ්‍ය
කෙරෙහි ග්‍රාමීය
ජනයාගේ විශ්වාසය හිනවීම ආදිය නිසා සාම්ප්‍රදායික මාධ්‍ය
කෙරෙහි වැඩි අවධානයක් යොමු වීම දැකිය හැකි ය.
රටක සංවර්ධන සන්නිවේදනයේදී සම්ප්‍රදායික
මාධ්‍යය
භාවිතා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මහාචාර්ය
විමල් දිසානායක මූලික කරුණු කිහිපයක් ඔස්සේ පෙන්වා දී තිබේ.
1. නවීන
ජනසන්නිවේදන මාධ්‍ය
පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නොපැවතීම.
2. නවීන
ජනසන්නිවේදන මාධ්‍ය ගැමි
ජනයාට ආගන්තුක වීම.
3. සම්ප්‍රදායික
මාධ්‍ය ගැමි
ජනයාට මැනවින් හුරු පුරුදු සංඛේත සහ සන්ධර්භ භාවිතා කිරීම.
4. දිළිඳු
රටවල ජනමාධ්‍ය සුළු
පිරිසකට සීමා වී තිබීම.
5. සම්ප්‍රදායික
මාධ්‍ය ග්‍රාහකයින්ගේ
ක්‍රියාකාරි
සහභාගිත්වය ලබාගැනීමට සමත්වීම.
රටක සංවර්ධනය සඳහා
සම්ප්‍රදායික
මාධ්‍ය
භාවිතයට ගැනීම පිළිබඳ ප්‍රථම
ජාත්‍යන්තර
සමුළුව 1971 දී
ලන්ඩන් නුවර පවත්වන ලදි. ඒ පිළිබඳ ප්‍රථම
ආසියාතික සමුළුව 1974
දී ඉන්දියාවේ නවදිල්ලි නුවර
පවත්වන ලදි. දිළිඳු
රටවල ජනමාධ්‍ය ව්‍යාප්තිය
අඩු රටවල සංවර්ධන සන්නිවේදනය සඳහා සම්ප්‍රදායික මාධ්‍ය
භාවිතයට ගැනීම අවධාරණය කිරීම එමඟින් වර්ධනය විය.
සාම්ප්‍රදායික
මාධ්‍ය සඳහා
උදාහරණ
ලෙස ජනකවි, ජනගීත, ජන ඇදහිලි, අභිචාර
විධි ක්‍රම, කෙම්ක්රම, විශ්වාස, ගැමි
නාටක, රූකඩ, කවි
කොළය, ශාන්තිකර්ම, යාතු
කර්ම, පුද්ගලාන්තර
සන්නිවේදනය, කණ්ඩායම්
සන්නිවේදනය, අණබෙරය, විරිදුව, ජන
නැටුම්, ජන
සංකේත, පිංකම්, ජන ක්‍රීඩා, ශ්‍රමදාන, සාකච්ඡා
හා දේශනා, කොඩි, සංඥා, සංකේත ආදිය දැක්විය හැකි ය.ගැමි ජන විඥාණයට සමීප සන්නිවේදන ක්‍රම,
නො එසේනම් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටවල සන්නිවේදනය උදෙසා සාම්ප්‍රදායික මාධ්‍ය
භාවිතය ද සංවර්ධනයේ ඉලක්ක සපුරාලිය හැකි තවත් ක්‍රමවේදයක් බව පැහැදිලි ය.
නූතන
සංවර්ධන සන්නිවේදනය සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය
භාවිතය ,පිළිබඳ විමසීමේදී,
1. ග්‍රාමීය
මට්ටමේ කෘෂිකාර්මික දැනුම හා වෙනත් අවශ්‍යතා සන්නිවේදනය සඳහා කුඩා කණ්ඩායම්
මඟින් දැනුවත් කිරීම (ණය දෙන සමිති, මරණාධාර සමිති, කාන්තා
රැස්වීම්, ගොවි
සමිති, ප්‍රජා
සමිති).
2. ඒඩ්ස්
රෝග මර්ධනය සඳහා රූකඩ භාවිතය, චිත්‍ර භාවිතය, වීථි
නාට්‍ය
භාවිතය.
3. දකුණු
ඉන්දීය ධීවර ප්‍රජාව
සඳහා සන්නිවේදනයේ දී චිත්‍ර කතා, වීථි
නාට්‍ය
භාවිතා කරයි.
4. බෝවන
ලෙඩ රෝග සන්නිවේදනය කිරීම සඳහා කොහොඹ අතු එල්ලීම, වීථි නාට්‍ය
භාවිතය හා ගැමි නාට්‍ය
භාවිතය.
5. නූතන
රූපවාහිනී, චිත්‍රපට සහ
දැන්වීම්කරණය සඳහා සාම්ප්‍රදායික
මාධ්‍ය
ලක්ෂණ බහුලව භාවිතා කිරීම.
6. ග්‍රාමීය
මට්ටමේ සෞඛ්‍ය
සන්නිවේදනය සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාව, කෘෂිකාර්මික සන්නිවේදනය සඳහා ගොවි
නියාමක, ප්‍රජා
අවශ්‍යතා
සන්නිවේදනය සඳහා සමෘද්ධි නිළධාරීන් ආදීන් ඔස්සේ පුද්ගලාන්තර සන්නිවේදනය භාවිතය.
7. සොකරි
නාට්‍ය සශ්‍රීකත්වයේ
සහ සමෘද්ධිය ඇති කරවන පණිවිඩ වලින් සමන්විත කලා අංගයකි.
8. දෙවොල්
මඩු ශාන්තිකර්ම හරහා ගැමි සමාජ වල අධ්‍යාත්මික සංවර්ධනයක් සිදුකරයි.
9. රට
යකුම් හෙවත් රිද්දි යාගය ජන ජීවිතයේ ඉතා වැදගත් වූ දරුපල ලැබීම හා සම්බන්ධ වූ
ලිංගිකත්වය හා බැඳුණු දැනුම සන්නිවේදනය කරයි.
10. කවි
කොළය සහ කවි ආතෘතිය නූතන සෞඛය සන්නිවේදනය සඳහා භාවිතා කරයි.
උක්ත කරුණු පිළිබඳ සංසන්ධනාත්මකව විමසීමේදී 1950 සිට 1980 දක්වා කාලය තුළ සංවර්ධන
සන්නිවේදනය පිළිබඳ බටහිර කේන්ද්‍රීය අත්දැකීම් මූලික වූ බවත් ඇමරිකානු,යුරෝපීය
කලාපවල මෙය වැඩි ලෙස භාවිත කළ බවත්,1960,1970 කාලයේ සිට අද දක්වා කාලය තුළ සංවර්ධනය
වෙමින් පවතින කලාපවල ද.ඇමරිකාව, ද අප්‍රිකාව,ද.ආසියාව වැනි කලාපවල සංවර්ධනය සඳහා
සන්නිවේදනය,සංවර්ධන සහායක සන්නිවේදනය,සංවර්ධනය පිළිබඳ සන්නිවේදනය වැනි ක්‍රමවේද
භාවිත විය.1950 සිට 1980 අතර කාල සීමාව තුළ බලවත් නිලධාරීවාදයක්,යැපුම්
මානසිකත්වයක් පිළිඹිබු කර අතර 1960,1970 සිට අද වෙනතුරු කාල සීමාව තුළ සංවර්ධනය
වෙමින් පවතින කලාපවල ස්වෛරීයත්වය,නව නිදහස්වාදය වැනි සංකල්ප සේම ගැමි පිවිසුම් ක්‍රමවේද
,කුඩා කණ්ඩායම් සන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය වැනි සන්නිවේදන ක්‍රම භාවිත
විය.
මේ යුග ද්විත්වය පිළිබඳ අධ්‍යනය කිරීමේදී ඒවා එකිනෙකට
බලවත් ලෙස සාපේක්ෂ අයුරින් වෙනස් බව අධ්‍යනය කළ හැකිය.
A.Jayani
Anushika Perera
HS/2017/0827 /University of Kelaniya.
[MACO 22442]

Best ❤️👍
ReplyDeleteGd job👌👌👍
ReplyDeleteA very valuable article👌👌😍, Development is a Western ideology We are its employees.....🤨😔
ReplyDelete👌👌
ReplyDeleteImportant article ❤️
ReplyDelete👍👍👍👍👍
ReplyDeleteThis is a valuable article....❤️ thank you teacher.. 🤗writer and everybody...
ReplyDelete