Posts

Showing posts from January, 2021

මගේ හිතළු ..

Image
හදිසියේ ඇද හැලෙන වැස්ස වගේ.. ඇස් කෙවෙනි තෙත බරිත කරගෙන කඩා හැලෙන්නේ.. නුඹට තවත් දරා ගැනීමට නොහැකි   නිසා බැව් දනිමි.. ඉවසන්න !!! සිනහව හැමදාටම අපට අවැසි නැති බව වටහා ගන්නට නොහැකි තරමටම නුඹ තවමත් මොළකැටි බව ඉඳුරාම දනිමි.. ජීවිතය කියනෙම ඉරි තලපු පොළොවක්.. ඒ ඉරි තලපු තැන්වල කඨෝර ගතිය මඟ හැරෙන්න කලකට වැහි දෙයියෝ වැහි වස්සනවා.. ආයෙත් ඉඩෝරෙට පොළොව පෙර වගෙම ඉරි තලනවා එතකොට නාඬ ඉන්න තරමට .. නුඹ තවම මෝරා නැති බවත් දනිමි.. හිටි ගමන්   හොඳටෝම ගැස්සී ඇහැරෙන්නෙ.. පපුව මැද මොකක්දෝ පුරුදු නුපුරුදු වේදනාවකින් නොකඩවා ගැහෙන්නේ නුඹට දීපු පොරොන්දු බර වැඩි නිසා බැව් ශපත කරමි.. ඉඳින් සිය දහස් වාරයක් සමා වුව මැන මට.. මගේ හිත   කියන්නෙම ආදරයේ සොඳුරු ඇබ්බැහියක් බව.. තවමත් මම ම   නොදැන උන්නට.. එක අතකට.. මේක මම ම මවාලපු හිතළුවක් !!!   අනූ..💔    

බැඳපු අය බැඳිලා නැහැ..බැඳුණු අය බැඳලා නැහැ..බැඳපු අය ඇත්තටම බැඳිලා ඉන්නේ වෙන තැනක..

Image
  “I Love You” තුන්සිය හැටපස් දවසේම කොහේ හරි මාධ්‍යකින් ඇහෙන හරි , social media වල පෝස්ට්වල   ,එක එක පුද්ගලයාට දැනෙන විදිහට අනුව ලියවුණු වචන හරඹ වගේම, හරිම හුරුබුහුටිව ලිය වුණු සාහිත්‍යාංග වගේම ,ඒ වචන තුන ඇතුළේ ගොඩනැගෙන බොහෝ කතා ඔබ දැක ඇති! අසා ඇති!.. ඇත්තටම ආදරේ කරන්නෙ ඇඟට ද? ලස්සනට ද? ඇස්වලට ද? ආදරේට ද? මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරනකොට අපට   ඒවා වර්ග 2 කට අපට බෙදා දැක්විය හැකි ය. 1.      විවාහ ජීවිතය. 2.      පවුල් ජීවිතය. අපි සාමන්‍යයෙන් තනි වචනයක් විදිහට   කතා කරන විවාහ ජීවිතය හා පවුල් ජීවිතය කියන වචන ද්විත්වය ,එහෙමත් නැත්නම් Marriage Life & Family Life කියන්නේ තනි තේරුමකට නෙවෙයි. ඒ වචන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරුම් දෙකක් .හේතුව, විවාහ ජීවිතයේ පදනම “ නීතිය” වුවත් පවුල් ජීවිතයේ පදනම “ ආදරය”. බටහිර ජාතීන් ශ්‍රී ලංකාවට ආගමනය වීමෙන් අනතුරුවයි “කසාද බඳිනවා” නැත්නම් “ Marriage ” යන වචන ශ්‍රී ලාංකේය ශබ්ද කෝශවලට එකතු වෙන්නේ. අප මහා බුදු පියාණන් වහන්සේ කිසි දිනක විවාහ ජීවිතයක් පිළිබඳ දේශනා නොකළ සේක. පවුල් ජීවිතය හා...