මගේ හිතළු ..
හදිසියේ
ඇද හැලෙන වැස්ස වගේ..
ඇස් කෙවෙනි
තෙත බරිත කරගෙන කඩා හැලෙන්නේ..
නුඹට තවත්
දරා ගැනීමට නොහැකි නිසා බැව් දනිමි..
ඉවසන්න
!!!
සිනහව
හැමදාටම අපට අවැසි නැති බව
වටහා ගන්නට
නොහැකි තරමටම නුඹ තවමත්
මොළකැටි
බව ඉඳුරාම දනිමි..
ජීවිතය
කියනෙම ඉරි තලපු පොළොවක්..
ඒ ඉරි තලපු
තැන්වල කඨෝර ගතිය මඟ හැරෙන්න
කලකට වැහි
දෙයියෝ වැහි වස්සනවා..
ආයෙත්
ඉඩෝරෙට පොළොව පෙර වගෙම ඉරි තලනවා
එතකොට
නාඬ ඉන්න තරමට ..
නුඹ තවම
මෝරා නැති බවත් දනිමි..
හිටි ගමන්
හොඳටෝම ගැස්සී ඇහැරෙන්නෙ..
පපුව මැද
මොකක්දෝ පුරුදු නුපුරුදු
වේදනාවකින්
නොකඩවා ගැහෙන්නේ
නුඹට දීපු
පොරොන්දු බර වැඩි නිසා බැව් ශපත කරමි..
ඉඳින්
සිය දහස් වාරයක් සමා වුව මැන මට..
මගේ හිත
කියන්නෙම ආදරයේ
සොඳුරු
ඇබ්බැහියක් බව..
තවමත්
මම ම නොදැන උන්නට..
එක අතකට..
මේක මම
ම මවාලපු හිතළුවක් !!!
අනූ..💔

Best ❤️
ReplyDelete😍😘
Deleteඔබේ හිත කියන්නෙම ආදරේ සොඳුරු ඇබ්බැහියක් බව....
ReplyDeleteමගේ හිත කියන්නෙම ආදරේ සොඳුරු මායාවක් බව..
තවමත් ඔබ මම දැනදැනම ඉල්ලන...
එක අතකට...
Adarei😘
DeleteNICE ❤
ReplyDelete❤️❤️
ReplyDelete💜️💜️💜️💜️
ReplyDeleteනියමයි💛
ReplyDeleteLassanai ✨️🥂
ReplyDelete🔥🔥✌✌
ReplyDeleteNiyamai
ReplyDelete👍👍
ReplyDeleteGreat ❤️
ReplyDeleteSuperb
ReplyDeleteSuper 👍
ReplyDelete