73
උදේ ඇහැරණේ රේඩියෝ එකේ දාලා තිබුණ මේ සිංදුව ඇහිලා
.නිකමට පුරුද්දට ෆෝන් එක අතට ගත්තහම හැම තැනම තිබුණේ ජාතික ධජ, රණවිරු ගීත, රණවිරු
ඡායා රූප. නිරායාසයෙන්ම ඇඟේ හිරිගඬු පිපුණේ සැබවින්ම මට ශ්‍රී ලාංකිකයෙකු ලෙස
නිහතමානී ආඩම්භරකමක් ඒ මොහොතෙදී තදින්ම හිතට දැනුනු නිසා. ගූගල් එකට ගියහම එතනත්
ශ්‍රී ලංකා ධජය හරිම ආඩම්භරයකින් උඩින්ම තියෙනවා දැක්කා. ඇත්තටම අද දවස ගැන ශ්‍රී
ලාංකිකයො පමණක්ම නොවේ ,මුළු මහත් ලෝකවාසී ප්‍රජාවම මේ පුංචිම පුංචි මුතු ඇටය ගැන
ආඩම්භර වන බව සිතීමට එය තරම් අටුවා ,ටීකා තවත් කුමට ද? ටික වෙලාවක් යනකන් මම කළේ
මුහුණු පොතේ උඩට පහළ ට ගිය එක..
ඒ
වෙලාවෙදි ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානවත්ව යම් යම් දේ හරිම ආඩම්භරකමකින් හුවමාරු කළ,
පල කළ අය වගේම,ඒ අතර “මේක ඇත්තටම
නිදහස් රටක් ද?” “ අපි නිදහස් ද?” ඔවැනි පළ කර තිබුණු වැකි, පෝස්ට්ටු,ආදී එකී,
මෙකී, නොයෙක් දෑ තුළින් තවමත් අපි නිදහස් යැයි නොහිතන ,මෙතෙක් අපි ලැබූ නිදහසේ
හුස්ම ගැනීමට ලද භාග්‍ය ගැනවත් අවම වශයෙන් සතුටු නොවිය හැකි මිනිසුන් තවමත්
සිටිනවා යැයි සිතීම සැබවින්ම කළ කිරීමට කරුණකි.දුකට පත් විය යුතු කරුණකි. මිනිසුන්
සැමවිටම තම හදවතට කතා කළ යුතු ය.
21වන සියවස තුළ වෙසෙන ඔබවත්, මමවත් මේ දිවයන,එකිනෙකා
පසුපස හඹා යන තරඟකාරී සමාජ රටාව තුළ කිසිවිටකවත් මුළුමනින්ම ,එදිනෙදා කරන
කාර්යයභාර්යයන්ගෙන් මිඳීමට තරම් අපි කිසිදිනක නිදහස් පුද්ගලයන් නොවන බව ඔබත් මමත්
හොඳින්ම දන්නා මෙන්ම හඳුනන කරුණක්. ඉඳින් එවන් තත්වයක දී අපේ විරෝධාර
මිනිසුන් අප්‍රතිහත කැපවීමක් කොට උදාකොට
ගත් මේ නිවහල් බව සමච්චලයට ලක් කිරීමට තරම් ඔබ කිසි දිනක නීච, නිවාලු, නිවට
ජාතියක් නොවිය යුතුම ය.
මේ පොළවේ සෑම බිම් අඟලක් පාසාම ඇත්තේ අධිරාජ්‍යවාදී
බැමි,සතුරු ආක්‍රමණ, සිඳ බිඳ දමා අපි ලබා
ගත් උදාර , අභිමානවත් ,ප්‍රෞඪ, “ නි ද හ
ස” නම් අකුරු සතර නොවේද ? නො එසේ නම් ඔබටත් මටත් මෙසේ අද හිස කෙළින් තබා ගෙන
නිදහසේ හුස්ම පොදක්වත් ගත හැකි ද?
ජීවිතේ වටිනාම කාලය තම රට වෙනුවෙන් කැප කළ
මිනිසුන්.. මේ මිහිකත තුළ මිහිදන් වුණු කඳුළු කතන්දර ඔඅබට දහසකුත් දේ පවසාවි. “ 2021.02.04” වන දිනට නිදහස යැයි අපි මහත් සද්භාවයෙන් සමරන මේ දවස 73
වෙනි නිදහස් දිනය, ඔබට සැබෑවටම අත් විඳීමට
මේ ලක් දෙරණ මතට ලේ හෙලූ විරුවන්ව අද වන දිනකවත් උත්කර්ෂයට නැඟිය නොහැකි අයෙකු නම්
එය අතිශයින්ම පහත් මානසික තත්වයක් ඇත්තෙකු විනා අන් කවරෙකුවත් නොවෙයි.
1948 වර්ෂයේ සුදු ජාතික අධිරාජ්‍යවාදීන්ගේ බල
මුළු බිඳ දමා අපේ මුතුන් මිත්තන් සැබෑවටම අත්පත් කර ගත් නිදහස හිතට එකඟව භුක්ති
විඳීමට නොහැකි වූ බව මෙලෙස ලියා දැක්විය යුතු නැත. 30වසරක කුරිරු ත්‍රස්ත්වාදය
පරාජය කොට නිදහසේ මේ ශ්‍රී ලංකාවේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ගොස් නැවත
ඒමට හැකි නිදහස් බවක්,නිවහල් බවක් 2009 වර්ෂයේ දී අපි උදා කර ගත්තෙමු. එලෙස ලද නිදහස
හුදු නාම මාත්‍රිකයක් පමණක් නොවන බව, පාසලට ගොස් දරුවන් පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිනා
අම්මාත්, රැකියාවට ගොස් සැමියා හෝ බිරිඳ නැවත
නිවසට එන තෙක් බලන් සිටිනා මිනිසුනුත් හදවතට එකඟව පවසාවි. ඒ අපි ලැබූ උත්තරීතර “නිදහස”
නොවේ ද?
එලෙස අපට නිදහසේ හුස්ම ගන්නට අවකාශය සළසා මේ මිහිකත
තුළ තම ජීවිත මිහිදන් කළ ඒ “ආදරණීය වීර පුතුන්” ට, “ඔවුන්ගේ ආදරණීයයන්ට”
අද දවස, මේ සටහන වෙන් විය යුතුමය. පූජාවක් විය යුතුම ය. ඉඳින් අද වැනි දිනකවත් ජාතිය,
ආගම්, කුල , පාට, පක්ෂ , දේශපාලනික මත නොසලකා සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස , ලද නිදහස පිළිබඳවවත්
නිහතමානිව ආඩම්භර විය හැකි නම් ඔබ කෙළෙහෙ ගුණ හඳුනන ,උතුම් මිනිසෙකු වන බවත් මෙහි
ලියා දැක්වීමට මා පසුබට නොවෙමි.
සටහන : අනුෂිකා පෙරේරා.

👍👍👍🤗
ReplyDelete👍👍
ReplyDelete👍👍👍
ReplyDelete👍👍👍👍
ReplyDelete👌👌
ReplyDelete💛🥂
ReplyDelete👍👍
ReplyDelete❤
ReplyDelete