ලිය හා කලාව💗
“විකසිත වත කමළේ, නෙත් බමරුන් පැටලේ... බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැළේ...” “නාඬන් ඉතින් සොඳුරී මගේ..නොසිතා සිතා අතීතේ එදා.. බිඳුනාට මණිමේඛලා.. පිළිගන්නේ මා නුඹව සීතාව සේ..” “සඳේ මන් කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරුවා කියා ඔබ දුටු දා.. සංසාරිණී මගේ .. නන්නාඳුනන්නියේ..මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...” ඇය ගැන එදා මෙන් ම අදත් ලියවෙන වර්ණනා නම් බොහෝ ය. හදවතට ළබැඳි ය. කවුරුන් හෝ කෙනෙකු අපට ඇත්තේ අතීතයට පමණක් හිමි සුභාවිත ගීත කලාවක් යැයි පවසනවා නම් ඉහත පද වර්ණනා පෙන්විය යුතුම ය. “ආදරය ඉපදෙන්නේත් මිය යන්නේත් ගැහැණියකගේ තුරුලේ” ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායක වරක පැවසූවා .ආදරයේදී පමණක් නොව ලිංගිකත්වයේදී පවා දරා ගැනීම් කරන්නේ ගැහැණිය යැයි පැවසූවට වැරදි නැත. අතීතයේ පමණක් ම නොව ඇතැම් විට ඊටත් වඩා ඉහළ මට්ටමකින් “ලිය” පිළිබඳ පුරාවෘත්තය එදත් අදත් හරි අපූරුවට සුමට ව මේ සිංහල භාෂාවට, අලංකාරවාදවලට, ජන ශ්‍රැතිවලට, කලාකරුවන්ගේ දස්කම්වලට පින්සිදු වන්නට තවමත් ලියැවෙමින් පවතී.. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ,නෛතික රාමු, මේ මොන පසුතලයකට අනුබද්ධව කතා කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි ස...