Posts

Showing posts from March, 2021

ලිය හා කලාව💗

Image
“විකසිත වත කමළේ, නෙත් බමරුන් පැටලේ... බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැළේ...” “නාඬන් ඉතින් සොඳුරී මගේ..නොසිතා සිතා අතීතේ එදා.. බිඳුනාට මණිමේඛලා.. පිළිගන්නේ මා නුඹව සීතාව සේ..” “සඳේ මන් කෙසේ කියන්නේ හිතේ තියෙන ඒ ආදරය මා මන්මත් කෙරුවා කියා ඔබ දුටු දා.. සංසාරිණී මගේ .. නන්නාඳුනන්නියේ..මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...” ඇය ගැන එදා මෙන් ම අදත් ලියවෙන වර්ණනා නම් බොහෝ ය. හදවතට ළබැඳි ය. කවුරුන් හෝ කෙනෙකු අපට ඇත්තේ අතීතයට පමණක් හිමි සුභාවිත ගීත කලාවක් යැයි පවසනවා නම් ඉහත පද වර්ණනා පෙන්විය යුතුම ය. “ආදරය  ඉපදෙන්නේත් මිය යන්නේත් ගැහැණියකගේ තුරුලේ” ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායක වරක පැවසූවා .ආදරයේදී පමණක් නොව ලිංගිකත්වයේදී පවා දරා ගැනීම් කරන්නේ ගැහැණිය යැයි පැවසූවට වැරදි නැත. අතීතයේ පමණක් ම නොව ඇතැම් විට ඊටත් වඩා ඉහළ මට්ටමකින් “ලිය” පිළිබඳ පුරාවෘත්තය එදත් අදත් හරි අපූරුවට සුමට ව මේ සිංහල භාෂාවට, අලංකාරවාදවලට, ජන ශ්‍රැතිවලට, කලාකරුවන්ගේ දස්කම්වලට පින්සිදු වන්නට තවමත් ලියැවෙමින් පවතී.. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ,නෛතික රාමු, මේ මොන පසුතලයකට අනුබද්ධව කතා කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපි ස...

දළ රළ පෙළ..

Image
  නාරි දේහයක ලතාවට.. තාලයට නැළවෙන නිතඹ ඉඟ සුඟ ගත හැකි මිටින.. රිද්මයට සැළෙනා තිසර යුග.. රූසිරියෙන් නුඹ අගමැයි පබාවති ය.. කිසිවක් නොදත්  තී.. පූදින්නට මත්තෙන් පෙති සිඳ ගත්තී.. සඳ නැති රැයක.. පාළු මූසල තරු පහේ හෝටල් කාමරයක. සයනයක.. ගිනියම් වුණි ද නුඹේ ආත්මය..? නිර්මල,සුපිවිතුරු නිකැළැල් හසඟන නුඹ.. සියුමැලි පෙති තැලෙන්නැති වියපත් බඹර පහසින්.. මඟුල් දා සයනය අවමඟුලක් ම විය.. ඔහු පැතූ නොපැතූ ළඳක සතු වටිනාම සම්පත මෝනා හමුවේ නො ලත් ඔහු? වික්ෂෝප වුණි ද? නැහෑ .. මේ ජෙරහස් විජේවර්ධන.. නමින් කාටත් ලොකුහාමු.. ඔව් උඹ ලොකුහාමු.. බැලුවොත් පරපුරක පම්පෝරිය අහසක් උසට.. ඒත්... මඟුල් දාට පෙර මෝනා ට කැප වූ සු පිවිතුරු නිර්මල වස්තුව.. පබාවතිය ට අකැප වූයේ මන්ද? අදටත් හිඳී මෝනා ලා.. මඟුල් සයනය අවමඟුලක් ම වුණ.. නිකැළැල් සුපිවිතුරු ප්‍රේමයේ නාමයෙන් උමතුවෙන් උමතුවට පත් වුණ.. ධනේශ්වර රුපු දේහධාරී ආත්ම නාමයෙන් පූදින්නට මත්තෙන් මුකුලිත  වුණු.. පබාවතිය න්. මදුසමේ රසඳුන් සුව පතා ස්ත්‍රියකගේ දිවිය..  අඳුරු සිර කුටියක් කළ.. ජෙ...