දළ රළ පෙළ..
නාරි
දේහයක ලතාවට..
තාලයට
නැළවෙන නිතඹ
ඉඟ සුඟ
ගත හැකි මිටින..
රිද්මයට
සැළෙනා තිසර යුග..
රූසිරියෙන්
නුඹ අගමැයි පබාවති ය..
කිසිවක්
නොදත් තී..
පූදින්නට
මත්තෙන් පෙති සිඳ ගත්තී..
සඳ
නැති රැයක..
පාළු
මූසල තරු පහේ හෝටල් කාමරයක.
සයනයක..
ගිනියම්
වුණි ද නුඹේ ආත්මය..?
නිර්මල,සුපිවිතුරු
නිකැළැල් හසඟන නුඹ..
සියුමැලි
පෙති තැලෙන්නැති වියපත් බඹර
පහසින්..
මඟුල්
දා සයනය අවමඟුලක් ම විය..
ඔහු
පැතූ නොපැතූ
ළඳක
සතු වටිනාම සම්පත
මෝනා
හමුවේ නො ලත් ඔහු?
වික්ෂෝප
වුණි ද?
නැහෑ
..
මේ
ජෙරහස් විජේවර්ධන..
නමින්
කාටත් ලොකුහාමු..
ඔව් උඹ
ලොකුහාමු..
බැලුවොත්
පරපුරක පම්පෝරිය අහසක් උසට..
ඒත්...
මඟුල්
දාට පෙර මෝනා ට කැප වූ
සු
පිවිතුරු නිර්මල වස්තුව..
පබාවතිය
ට අකැප වූයේ මන්ද?
අදටත්
හිඳී මෝනා ලා..
මඟුල්
සයනය අවමඟුලක් ම වුණ..
නිකැළැල්
සුපිවිතුරු ප්‍රේමයේ නාමයෙන්
උමතුවෙන්
උමතුවට පත් වුණ..
ධනේශ්වර
රුපු දේහධාරී ආත්ම නාමයෙන්
පූදින්නට
මත්තෙන් මුකුලිත වුණු..
පබාවතිය
න්.
මදුසමේ
රසඳුන් සුව පතා
ස්ත්‍රියකගේ
දිවිය..
අඳුරු සිර කුටියක් කළ..
ජෙරහස්
විජේවර්ධන වැනි මිනිස් වෙස් ගත් නො මිනුසුන්...
අනූ..
දළ රළ
පෙළ
ඇසුරෙන් ( 1982 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නව කතාව)

Great💜️
ReplyDeleteBest❤️❤️
ReplyDeleteNiyamai
ReplyDelete👌
ReplyDelete🖤
ReplyDeleteLassanai💜️💜️
ReplyDelete👍
ReplyDelete