මළ ගිය ඇත්තෝ !!!
ඒ සුවඳ දාහක් මතක
මගෙ ඇස් ඉස්සරහ දිග හැරියා...
පාරේ කළබලේ දුවන
වාහන... කූඹි ගුලක් ඇවිස්සිලා වගේ එහෙ මෙහෙ කඩි මුඩියෙ දුවන සෙනඟ... මේ හැම සිතුවමක්ම
එක පාරට බොඳ වෙනවා වගේ දැනෙන්න ගත්තා...
ලෝකෙ කොතන කොහොම
හිටියත්....ඒ සුවඳට පර්ෆියුම් එකේ නමෙන් මට කියන්න පුළුවන් වෙන එකක් නැහැ.ඔව්... “ඒ
එයාගෙ සුවඳ” ..ඒකට දෙන්න වෙන නමක් නැහැ..
“දෙවෙන්දරා සං
,යනව නං ඔය සිරුරෙ සුවඳ මේ ඇඳුම්වල තියලා යන්න”
නොරිකෝ.. උඹ සතුටු
වෙයන්. උඹට අවසාන වතාවට දෙවෙන්දරාසංට මෙහෙම කියන්න හරි පුළුවන් වුණා..
දෙවෙන්දරා සං එක්ක
තක්සිය ගාවට එන්න පුළුවන් වුණා. අවසාන තත්පරය ඔහු ළඟ ඉන්න පුළුවන්කම තිබුණා.
ජීවිතේ සුන්දරම
මතක එකතු කරපු “තක්සිය” ළඟට ආයෙත් යන්න පුළුවන් වුණා.
එහෙම බලනකොට උඹලා
නෙවෙයි “මළ ගිය ඇත්තෝ”.
ඇස් දෙකෙන්වත්
දකින්නෙ නැතුව වෙන් වෙන්න වුණ අපියි මළ ගිය ඇත්තෝ..!!!
අනූ 💚

❤❤❤❤❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete😍😍😍
ReplyDeleteGood
ReplyDelete👍
ReplyDelete