වැහි කළුවක විලාපය🌧️
ගැබ් බර අහසක
මෝදු වෙන මේ කුළු
ප්‍රේමයේ වග ලියූ හසුනක
නුඹ ගැන කියා එවනව ලු
නුඹේ එක මදහසක
හුස්ම බර කරනා තතු බෝමලු
හිටි හැටියේම ඇද හැලෙන වැස්සක
අපේ මතකයන් බෝම ලු
හදා ගන්නට ලත වෙන හිතක
ඉරි තැළුණු මතක කවුළු
මඟ බලන ඇසිල්ලක
ප්‍රේමයේ ගතු කියනවලු
අහස් ගැබ මෝරන විට
සට සට වැහි පොද වැටෙනවලු
පාළු හිස් අහසකට
වැහි කළු එන්නේ ඇයි ද?
නෑවිදින්ම ඉන්නට බැරිද?
යදම් ලන්නට මතක දොරගුළු
පද - ජයනි අනූෂිකා පෙරේරා.
සේයා රූ - ජයනි අනූෂිකා පෙරේරා

Nice🖤
ReplyDeleteNice
ReplyDeleteතාත්විකයි❤️
ReplyDeleteරසවත්🌼
ReplyDelete👍
ReplyDelete👍👍
ReplyDeleteBest one
ReplyDelete