12.30 am.❤
"කෝල් එකක් ගන්න ද?"
එයා ගෙන් ටෙක්ස්ට් එකක් මට..
ඒ ඇසිල්ලට වට්සැප් එකේ කොළ පාට අයිකන් එකට දුවන මගේ ඇඟිලි...
ම්ම්ම්ම්ම් .....
වරු ගානක් කතා නොකළත් ඒ මොහොත අපි දෙන්නම අපේක්ෂාවෙන් හිටිය නිමේෂයක් කියලා කියන්න හොඳම අවස්ථාවක් මේක...
අපි ඇමතුමකට හෝ හමු වුණාම කතා කරන දේවල් නම් එමටයි.
එයා මගෙන් වෙන් වුණේ මීට හරියටම වසරකට පෙර..ඒත් මේ දැනුත් එයාගේ නෝටිෆිකේෂන්ස් වලින් එදා තරම්ම මගේ හිත කොයිතරම් ඉක්මනින් කලබල කරන්න පුළුවන්ද?
මගේ නෝටිෆිකේෂන්ස් වලින් එයාව කොයි තරම් ඉක්මනින් කලබල කරන්න පුළුවන් ද?
ම්ම්ම් අපි ආදරේ කරනව ද තාම?
මේ දැනුත්...
පැය ගණන් දිග කෝල්.. විනාඩියට මූණ බලන්න ගන්න වීඩීයෝ කෝල්ස්, ඒ මොහොත කැප්චර් කරලා එව්ව ෆොටෝස් වලින් එයාගේ ගැලරි එකේ මමත් ,මගේ ගැලරි එකේ එයත්....
හරියටම වෙලාව පාන්දර 12.30 යි.
"ම්ම්ම් ඔයා ගොඩාක් දේවල් දන්නවා නේද?"එයා අහනවා මගෙන්..
"මොනවද?"
"ආදරේ ගැන...තියරි"
"හ්ම්ම් වෙන්නැති..ඒත් වැඩක් නෑ" දිග සුසුමක් එක්ක මං ඔහේ කියලා දැම්මා..
"මෙහෙමයි අපි කොච්චර දැනගත්තත් එතන තියෙන්නෙ හරි පොඩි දෙයක්"
එයා මට කියනවා.
ඔව් එයා මාව වෙනතකට යොමු කරන්න යත්න දරනවා ඇති.ඒත් ..ඒත් ..ඒත්..
"එතන තියෙන්නෙ පොඩි දෙයක් නම්,උඹ ඔච්චරටම ආදරේ,උඹ ඔච්චරටම සැනසෙන, උඹේ හැම අටමඟලෙම කියවන, මගේ අටමඟලත් ඒ වගේම අහන ,තිස්සදෙවේලයේ කියවන "මාව වැඩියෙන්ම තේරුම් ගත්තෙ ඔයා" කියලා දොඩවන මනෝ විකාර ලඟ මොහොතකට නැවතිලා අපිට අපේ ජීවිතේ ඇතුළේ නතර වෙලා.. එකට ජීවිතේ බෙදා ගන්න පුළුවන් කියලා නිකමට හිතන්නෙ නෑ නේද?
ඒක ඒ තරම් පොඩි නම් .....
ඔව්..."ඒක ඔයා කියන තරම් පොඩි හැඟීමක් නෙවෙයි රත්තරං"
එහෙනම් මේ තරම් අඳුරන අපි , අපි ලඟ මඟ නැවතිලා ඉඳී ද?
"මට හෙට එක්සෑම්" මම කියද්දී..
"ඔයා පාඩම් කරනව ද?"
"නිදිද?"
"සුදු නෝනා"
"ලස්සනයි"
ඔයා කියවන් යනවා..
"හී...ඔයා දන්නවා නේද මගේ වීක් පොයින්ට්ස්"
මං එහෙමත් කියනවා ඔයාට...
"මං ඒ වචන වලට මැරෙන්න තරම් ආදරෙයි කියලා".. මං කියද්දී ...
"ඉතින් ඔයාමනේ කිව්වෙ ආදරේ කියන්නෙ ඒ වචන නෙවෙයි කියලා"
"ජීවිතේ ශෙයාර් කරගන්නවට කියලා"
"එයාම කියලා එයාම ඒ වචන ගැන හිතනවා"
මං ආසම එයා හිනා වෙවී කතා කරන ටෝන් එකෙන් එයා ඔහේ ඇමතුම දිගේ කියාගෙන ගියා.
ඔව් මං ඒ "වචන"ඇතුළේ ආදරේ මහ ලොකුවට දකින,කතා නොකර ඉන්න සිය දහස් වාරයක් හිතට පොරොන්දු දීලා.. උඹගෙන් එන එක නෝටිෆිකේෂන් එකකට ඒ ඔක්කෝම පොරොන්න්දු සැණෙන් සුණු කරලා .උඹේ කෝල් එකට ආන්සර් කරන්න හරි බරි ගැහිලා ඇඳේ පෙරලෙනවා. ඒ මගේ සැනසීම එතන නිසා වෙන්නැති සමහර විට...
මහා ආදරේකින් කතා කරන ,තව අවුරුදු 10ක් ඉස්සරහට මාත් එක්ක උඹේ ජීවිතේ ගොතන ...උඹට ..ඊළඟ තත්පරේ කතා නොකර ඉන්න හිත හදා ගන්න පුළුවන් වග මම නොදන්නවා නොවෙයි.
ඒත් ඒ වග දැන දැනත් ඒ ආදරේ ඇතුළේ මම මකුළුවෙක් වගේ පැටළෙනවා. මගේ ජීවිතේ ඒක ඇතුළේ වියනවා..
ඒත් එහෙම කතා නොකරන වෙලාවට හිතෙන් වැටුණත් මාව ගතින් ශක්තිමත් වෙලා මම ඉන්න තැනටත් වඩා අඩියක් ඉස්සරහට තියන්න මම හැම මොහොතේම හිතත් එක්ක අරගල කරනවා..
ඒ උඹෙයි මගෙයි අත හැර ගන්න බැරි ..හැම මොහොතෙම ලඟ ඉන්න අවැසි නමුත් "අෆෙයාර්" එකක් කියලා නුඹ කියන්න අකමැති.."මං එයාට ගොඩක් ආදරෙයි" කියලා නුඹ කියන්න කැමති බැඳීම..මේ
"නෑ මං කතා කරන්නෙ ම නෑ"
"මගේ වැඩ කරන් පාඩුවෙ ඉන්නවා"
ට්‍රීං ට්‍රීං
"කෑවද"?
"මං කාලා ඉන්නෙ"
"ඔව් මං කෑ...."
ඒ ඇසිල්ලෙන් යතුරු පුවරුව දිගේ වේගෙන් මම මගේ ඇඟිලි තුඩු ගෙන ගියා..
----------------------------------------------------------------------
අනූෂිකා පෙරේරා ❤️

Superb🖤✍️
ReplyDelete❤❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete🤐💚
ReplyDelete💛💛💛💛💛
ReplyDelete