නික්ම යෑමට සෙනෙහසින්!


චුරු චුරු චුරු ගගා තොරතෝංචියක් නැතිව ඉකි ගහන නුබ ...
පාළු ඉමක ,තෙරක් නොපෙනෙන සිදු තෙරෙක
හසරක් නොහැඟෙනා පරිද්දෙන්
අතරමං කෙරුව අපූරුව

වැල් පාලමක මෙන් පැද්දී පැද්දී හුන් මා
උස් කඳු මුදුන් ,බෑවුම් ,ශිඛර අතරින්
ඔහේ සරමින් නන්නාඳුනන අන්තයකට ඔහේ පාව ගිය අපූරුව.

කෙසේ හෝ එය හොඳ යැයි නොකියා බැරිය.
ස්තූති කිරීම කළ යුතුමය.
නුබේ චුරු චුරු වැස්සෙන් මිඳී
සුපැහැදිලි වස්සානයක් එළඹෙනු ඇත.

නුඹව කෙසේවත් අපේක්ෂා නොකළ යුතුමය.
එකඳු ස්පර්ෂයකින් හෝ මා ඇවිලිය හැක්කෙ නුඹ වැනි අයෙකුටම බව දනිමි.
නමුත් නැවත වරක්..
ඒ නුඹ නොවේමය...
නුඹ නොවිය යුතුමය..
නැවත කිසි දා නුඹ නො පැමිණිය යුතුමය.

අනුෂිකා පෙරේරා 

Comments

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤