මිලිටරි ප්‍රේමය .
ඔබට මා ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්.. විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ හඬ දායකත්වයෙන් හැඩ වුණ ඒ ගීය මං කැමතිම ඇයගේ පුතා වුණ කසුන් කල්හාරත්, ඒ වගේම විරහ ගීත,ආදර ගීත හදවතට දැනෙන්නම එන්නත් කරන සශිකා නිසංසලත් එක් වෙලා ගයන ඩුවර්ට් එක අහන්න. ඒ ගී පද ඇසෙන ඕනම මොහොතක මා පුරුදු නුපුරුදු ඉමිහිරි බවක වෙළෙමි.. මා දමා නුඹ දුරු රට නො ගියට මගේ හිත් මානයෙන් වෙන ඉසව්වකට ඉඟිල යන බව දනිමි. නැවතත් හිතට හිටි හැටියේම එබිකම් කරන බව දනිමි.හදා ගන්නට යත්න දරන ඕනෑම නිමේෂයක නුඹ එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බව මට පසක් කර දෙන බව දනිමි. දවස් තුනකට පෙර , "ඇයි මේ?" "මම මුහුදට යනවා" වෙනදා තරම් මං ප්‍රබෝධයකින් පිළිතුරු නොදුන්නත් ,මට හුස්ම ගන්නවත් බැරි වැඩ ගොඩක් අස්සේ මම රාත්‍රී 10ට පමණත් නුඹගේ චැට් එකට ඇවිත් බැලුවෙමි. ලාස්ට් සීන් පෙන්නන්නේ උදේ 8.20. "ම්ම්ම්ම්ම්ම් " "කොහෙවත් යනවා කියලා කිව්වෙ නෑනෙ" "එන්න වෙන්නෙ නෑ කියලා කිව්වෙ නෑනෙ" "ම්ම් හෙට එයි නෙහ්" හිතත් එක්ක මම සෑහෙන ලොකු අරගලයක ..ඒත් ඇයි මේ? ඇයි මේ තරම් වද වෙන්නෙ? ඒත් හෙට ගැන තිබුණ බ...