මිලිටරි ප්‍රේමය .

ඔබට මා ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්.. විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ හඬ දායකත්වයෙන් හැඩ වුණ ඒ ගීය මං කැමතිම ඇයගේ පුතා වුණ කසුන් කල්හාරත්, ඒ වගේම විරහ ගීත,ආදර ගීත හදවතට දැනෙන්නම එන්නත් කරන සශිකා නිසංසලත් එක් වෙලා ගයන ඩුවර්ට් එක අහන්න. ඒ ගී පද ඇසෙන ඕනම මොහොතක මා පුරුදු නුපුරුදු ඉමිහිරි බවක වෙළෙමි.. මා දමා නුඹ දුරු රට නො ගියට මගේ හිත් මානයෙන් වෙන ඉසව්වකට ඉඟිල යන බව දනිමි. නැවතත් හිතට හිටි හැටියේම එබිකම් කරන බව දනිමි.හදා ගන්නට යත්න දරන ඕනෑම නිමේෂයක නුඹ එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බව මට පසක් කර දෙන බව දනිමි. දවස් තුනකට පෙර , "ඇයි මේ?" "මම මුහුදට යනවා" වෙනදා තරම් මං ප්‍රබෝධයකින් පිළිතුරු නොදුන්නත් ,මට හුස්ම ගන්නවත් බැරි වැඩ ගොඩක් අස්සේ මම රාත්‍රී 10ට පමණත් නුඹගේ චැට් එකට ඇවිත් බැලුවෙමි. ලාස්ට් සීන් පෙන්නන්නේ උදේ 8.20. "ම්ම්ම්ම්ම්ම් " "කොහෙවත් යනවා කියලා කිව්වෙ නෑනෙ" "එන්න වෙන්නෙ නෑ කියලා කිව්වෙ නෑනෙ" "ම්ම් හෙට එයි නෙහ්" හිතත් එක්ක මම සෑහෙන ලොකු අරගලයක ..ඒත් ඇයි මේ? ඇයි මේ තරම් වද වෙන්නෙ? ඒත් හෙට ගැන තිබුණ බලාපොරොත්තුත් ඒ විදිහටම බිඳිලා ගියා. අනිද්දා මට ස්පෙෂල් ඩේ එකක්.. ඒකටත් ඔයා මට කතා කරන එකක් නැහැ.මම හිතත් එක්ක ගොඩක් වෙලා ඔට්ටු වුණා.ඒත් මට මහන්සී...
 ******************************************** 
මට ඕන..ඔයා වගේ කෙනෙක්.ඔයා වගේ මුහුදේ ඉන්න.මිලිටරි ප්‍රේමයක්..මාව අස්වසන්නට පුළුවන් එහෙමත් කෙනෙකුට විතරමයි .කොයි තරම් පිරිමි ආත්ම මුණ ගැසුණ ද ඒ එකඳු අයෙකුට වත් මගේ හදවතේ මං කැමතිම වයිබ් එක වෙන්න බැරි වුණා. මං බොහොම ප්‍රවේසමෙන් අනෙක් දේවල් මගේ හිත ඇතුළට නොගෙන සියල්ල මඟින් හරවා යැව්වා. මොහොතකට අතරමං වුණත් මං අතරමං වෙන්න ඕන මගේ හිත හොයන වයිබ් එක ඇතුළේ. ඒක මං මට දා ගත්ත රෙස්ට්‍රික්ෂන් එකක්. කව්රු කොහොම මුණ ගැසුණත්, මොන තරම් නන් දෙඩෙව්වත්, ඒ කිසිම දේකට ප්‍රතිචාර දක්වන්න මගේ හදවතේ ඉඩක් නැහැ.හැම බිම් අඟලකම අනවසරෙන් හරි ඉදිකිරීම් කරලා තිබුණේ උඹ...ඔව් මං ඒ උඹෙන් නිතර කියවෙන රවුන්ඩ්ස්,ඩොක්‍ යාර්ඩ්, මෙස් එක,ඉන්ස්පෙක්ෂන්ස්,පෙට්‍රල් එක...ඒ මිලිටරි වචන වලට,නිල් සුදු යුනිෆෝම්ස් වලට , ඒ කෑම්ප් තියෙන ත්‍රිකුණාමලයත් එක්කම , සුන්දර,කර්කෂ මතක එක්ක..මං උඹට වඩා බැඳුණා. මගේ හිත පහසුවෙන් ස්පර්ෂ කරන්න පුළුවන් නුඹ වගෙම කැටගරි එකක පුරුෂ ආත්මයකට විතරමයි... *******************************************
 හැමතිස්සෙම වද වෙවී,ලත වෙවී ඉන්නකොට මට මගේ මයින්ඩ් එක හදා ගන්න ඕන වුණා.මම ගැලරියේ උඹේ ෆොටෝ පිරික්සුවා.ආයෙත් පරණ චැට් වලට ගිහින් ඒවා එක්ක ටික වෙලාවක් හිටියා. ඒකෙන් වෙන්නෙ අවුරුද්දක් තිස්සේ අවුල් වුණ මයින්ඩ් එක ආයෙත් තිබුණටත් වඩා අවුල් වෙන එක කියලා හිතෙන්න ලොකු වෙලාවක් මට ගියේ නැහැ. දෙයක පැටලිලා පැටලිලා හිරවෙලා ලිහා ගන්නම බැරි වුණාම මිනිස්සුන්ට හිතෙනවා මේ පැටලිල්ල ටික ටික ලිහා ගන්න ඕන කියලා.දැන් ඉන්න මයින්ඩ් එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා වෙන විදිහකින් හිතන්න ඕන කියලා.
 මම නිකං ඉන්න ගමන් ලින්ක් ඩින් එකට ගිහින් නේවි ඔෆිසර්ස්ලව සර්ච් කරා. රික්වෙස්ට් එකක් දානව ද? නැද්ද? ම්ම්ම් ගෑණු ළමයි ඉස්සර වෙන්න හොඳ නැහැ.කියලා එකක් තියෙනවා නේද?මං මටම කියා ගත්තා.නැහැ.ඒත් ලින්ක්ඩින් එකට ඒවා අදාළ නැහැ.ඒක ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක්..මං අහඹු ලෙස තෝරා ගත් නේවි ඔෆිසර්ස්ලා 2නෙක්ට රික්වෙස්ට් කරා. ටික වෙලාවකින් එක රික්වෙස්ට් එකක් ඇක්සෙප්ට් කරා කියලා මට නෝටිෆිකේෂන් එකක් එනවත් එක්කම මට මැසේජ් එකක් ආවා. Hi Nilu It z good to add your network Im from SL Navy as you already know it. මට ජයග්‍රාහී සතුටක් දැනුණා..ඔව් මං ඒ චැට් එක දිගින් දිගටම කන්ටිනිව් කරා.. ඔව් මං උඹෙන් හෙව්වෙ උඹ වගේ කෙනෙක්.අඩුම තිස්සදෙවේලේ මගේ හැඟීම් එක්ක හැංගිමුත්තම් කරන උඹෙන් මට සදහටම මිඳෙන්න ඕන වුණා..ඒකට මට උඹ වගේම කෙනෙක් ඕන.ඔව් ඒ උඹේ කැටගරි එක වුණාට උඹ නෙමෙයි. නැහැ ඒ උඹ නෙමෙයි.. මං හොයනම විදිහේ ගති ගුණ තියෙන උඹේ කැටගරි එකේ වෙන කෙනෙක්. 
ගැහැණු කැමතිම නැත්තේ ආදරේ කියන හුදෙක් නාමමාත්‍රයක් පමණක්ම නොවෙන කායික මානසික බැඳීම ඇතුළේ බෙඳීම් කරන්න වෙනවට.ඔව් ඒක ආත්මාර්ථය තමයි. මං කැමතිම මං හොයන වයිබ් එක ඇතුළෙ ඉන්න උඹ වගේ පිරිමියෙක්ට. හැබැයි ඒ උඹ නෙමෙයි. වෙන කෙනෙක්. මට විතරක් එන කෝල් එකක්,මට විතරක් එන මැසේජ් එකක් ..ඔව් "ගෑණු වුණාම පිරිමි හූරගෙන කන්න ඕන". රවිඳු මට කියාගෙන ගියා.ඔව් එයා ඔයා වගේ නෙවෙයි.ඔන්ලයින් ආවොත් මට මැසේජ් දානවා.මං කෝල් කරන ඕන වෙලේක ආන්සර් කරනවා. හැමදේකටම කලින් අපි අපේ ජීවිත අංශුවක් නෑර එකිනෙකා ඇතුළෙ ශෙයාර් කර ගන්න ඕන. මං හොයන වයිබ් එක ඇතුළෙ මගේ ආදරේට මං ලඟම ඉන්න බැරි වෙන්න පුළුවන්.ඔව් උඹ රට වෙනුවෙන් සේවයට බැඳුණ කෙනෙක්! හැබැයි කවදා මට කතා කළත් ඒ කතා කරන දවස ඇතුළෙ උඹ ගෙවපු ජීවිතේ කඨෝර තැන් රස කර කර අහන්න මං බලන් ඉන්නවා .දවස් ගානක් බලං ඉන්න ගමන් දුරින් ඉඳන් විඳින ආදරේ හරි සුන්දරයි ...හරියට ගල් පරවල හැප්පී හැප්පී තාලෙට කඩන් හැලෙන දිය ඇල්ලක් වගේ. මේකට තමයි මිලිටරි ප්‍රේමයක් කියන්නේ. ඔව් මට ඕන උඹ නෙමෙයි.උඹ වගේ මිලිටරි ප්‍රේමයක්!.

 ජයනි අනුෂිකා පෙරේරා
විශේෂවේදී දෙවන වසර 
ජනසන්නිවේදන අධ්‍යනඅංශය
 කැලණිය විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

ලෝකයේ රටවල් සම්භාව්‍ය යටත්විජිතවාදය හා නව යටත්විජිතවාදය තුළ සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය භාවිත කළ ආකාරය ප්‍රායෝහිකව හා සංකල්පීයව විමසීම.

73

12.30 am.❤