Posts

ආයෙමත් !!!

  බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ ! තත්පරෙන් තත්පරේ ,විනාඩියෙන් ,විනාඩිය, පැයෙන් පැය වේගයෙන් ඉඟිලෙද්දි හැමදාම මට තිබුණා මොකක්ද මන්දා බලාපොරොත්තුවක්..ඒක මෙන්න මේකයි කියලා මට මගේ අධ්‍යයන කටයුතු සම්බන්ධ ව, උපාධිය සම්බන්ධව ලඝු කර කියන්නට පුළුවන් වුණත් , මෙතන තියෙන්නෙ එහෙම හරි හැටි රවුම් කරලා, හැඩ කරලා ,උලුප්පලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්තටම ඒක මම මගෙන් ඇහුවත් ඒ මොකක්ද කියලා මටවත් කියාගන්න බැරි දෙයක් ..නමුත් කළුවර තරු පිරුණ අහසකට, බස් එකේ කවුළුව අයිනේ කෙළවරේ අසුනකට ,හෙඩ් ෆෝන් එකකට, දිවුල්ගනේ සර්ගේ , ටී.එම් සර්ගේ, වික්ටර් රත්නායක සර්ගේ මුදු ස්වරයකට , හදවත කැකෑරවමින් සියොළඟම අවුලන්න පුළුවන් හැඟීම් සමුදායක් ඒක.. ****************************** ************* පැය ගණනාවක් ඉන්ස්ටග්‍රෑම් හරහා එක දිගට කෙටි පණිවිඩ හුවමාරුවේ අවසානය වුණේ මට එයාවත් ,එයාට මාවත් තව දුරටත් ආගන්තුක නොවුණ එක. එකම විනෝදාංශ, එකම විදිහට හිතන පතන ,එකම සංගීත රිද්ම හොයන ,එක සමානම නොවුණත් .... " ඒ විදිහටත් මම කැමති" " ඔයා හිතන විදිහට මම මාර කැමති" " ඔයා එක්ක කතා කරනකොට මට පොඩ්ඩක්වත් කම්මැලි ...

මිලිටරි ප්‍රේමය .

ඔබට මා ආදරය කළ බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්.. විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ හඬ දායකත්වයෙන් හැඩ වුණ ඒ ගීය මං කැමතිම ඇයගේ පුතා වුණ කසුන් කල්හාරත්, ඒ වගේම විරහ ගීත,ආදර ගීත හදවතට දැනෙන්නම එන්නත් කරන සශිකා නිසංසලත් එක් වෙලා ගයන ඩුවර්ට් එක අහන්න. ඒ ගී පද ඇසෙන ඕනම මොහොතක මා පුරුදු නුපුරුදු ඉමිහිරි බවක වෙළෙමි.. මා දමා නුඹ දුරු රට නො ගියට මගේ හිත් මානයෙන් වෙන ඉසව්වකට ඉඟිල යන බව දනිමි. නැවතත් හිතට හිටි හැටියේම එබිකම් කරන බව දනිමි.හදා ගන්නට යත්න දරන ඕනෑම නිමේෂයක නුඹ එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවන බව මට පසක් කර දෙන බව දනිමි. දවස් තුනකට පෙර , "ඇයි මේ?" "මම මුහුදට යනවා" වෙනදා තරම් මං ප්‍රබෝධයකින් පිළිතුරු නොදුන්නත් ,මට හුස්ම ගන්නවත් බැරි වැඩ ගොඩක් අස්සේ මම රාත්‍රී 10ට පමණත් නුඹගේ චැට් එකට ඇවිත් බැලුවෙමි. ලාස්ට් සීන් පෙන්නන්නේ උදේ 8.20. "ම්ම්ම්ම්ම්ම් " "කොහෙවත් යනවා කියලා කිව්වෙ නෑනෙ" "එන්න වෙන්නෙ නෑ කියලා කිව්වෙ නෑනෙ" "ම්ම් හෙට එයි නෙහ්" හිතත් එක්ක මම සෑහෙන ලොකු අරගලයක ..ඒත් ඇයි මේ? ඇයි මේ තරම් වද වෙන්නෙ? ඒත් හෙට ගැන තිබුණ බ...

නික්ම යෑමට සෙනෙහසින්!

Image
චුරු චුරු චුරු ගගා තොරතෝංචියක් නැතිව ඉකි ගහන නුබ ... පාළු ඉමක ,තෙරක් නොපෙනෙන සිදු තෙරෙක හසරක් නොහැඟෙනා පරිද්දෙන් අතරමං කෙරුව අපූරුව වැල් පාලමක මෙන් පැද්දී පැද්දී හුන් මා උස් කඳු මුදුන් ,බෑවුම් ,ශිඛර අතරින් ඔහේ සරමින් නන්නාඳුනන අන්තයකට ඔහේ පාව ගිය අපූරුව. කෙසේ හෝ එය හොඳ යැයි නොකියා බැරිය. ස්තූති කිරීම කළ යුතුමය. නුබේ චුරු චුරු වැස්සෙන් මිඳී සුපැහැදිලි වස්සානයක් එළඹෙනු ඇත. නුඹව කෙසේවත් අපේක්ෂා නොකළ යුතුමය. එකඳු ස්පර්ෂයකින් හෝ මා ඇවිලිය හැක්කෙ නුඹ වැනි අයෙකුටම බව දනිමි. නමුත් නැවත වරක්.. ඒ නුඹ නොවේමය... නුඹ නොවිය යුතුමය.. නැවත කිසි දා නුඹ නො පැමිණිය යුතුමය. අනුෂිකා පෙරේරා 

12.30 am.❤

Image
  "කෝල් එකක් ගන්න ද?" එයා ගෙන් ටෙක්ස්ට් එකක් මට.. ඒ ඇසිල්ලට වට්සැප් එකේ කොළ පාට අයිකන් එකට දුවන මගේ ඇඟිලි... ම්ම්ම්ම්ම් ..... වරු ගානක් කතා නොකළත් ඒ මොහොත අපි දෙන්නම අපේක්ෂාවෙන් හිටිය නිමේෂයක් කියලා කියන්න හොඳම අවස්ථාවක් මේක... අපි ඇමතුමකට හෝ හමු වුණාම කතා කරන දේවල් නම් එමටයි.  එයා මගෙන් වෙන් වුණේ මීට හරියටම වසරකට පෙර..ඒත් මේ දැනුත් එයාගේ නෝටිෆිකේෂන්ස් වලින් එදා තරම්ම මගේ හිත කොයිතරම් ඉක්මනින් කලබල කරන්න පුළුවන්ද? මගේ නෝටිෆිකේෂන්ස් වලින් එයාව කොයි තරම් ඉක්මනින් කලබල කරන්න පුළුවන් ද? ම්ම්ම් අපි ආදරේ කරනව ද තාම? මේ දැනුත්... පැය ගණන් දිග කෝල්.. විනාඩියට මූණ බලන්න ගන්න වීඩීයෝ කෝල්ස්, ඒ මොහොත කැප්චර් කරලා එව්ව ෆොටෝස් වලින් එයාගේ ගැලරි එකේ මමත් ,මගේ ගැලරි එකේ එයත්.... හරියටම වෙලාව පාන්දර 12.30 යි. "ම්ම්ම් ඔයා ගොඩාක් දේවල් දන්නවා නේද?"එයා අහනවා මගෙන්.. "මොනවද?" "ආදරේ ගැන...තියරි" "හ්ම්ම් වෙන්නැති..ඒත් වැඩක් නෑ" දිග සුසුමක් එක්ක මං ඔහේ කියලා දැම්මා.. "මෙහෙමයි අපි කොච්චර දැනගත්තත් එතන තියෙන්නෙ හරි පොඩි දෙයක්" එයා මට කියනවා...

වැහි කළුවක විලාපය🌧️

Image
 ගැබ් බර අහසක මෝදු වෙන මේ කුළු ප්‍රේමයේ වග ලියූ හසුනක නුඹ ගැන කියා එවනව ලු නුඹේ එක මදහසක හුස්ම බර කරනා තතු බෝමලු හිටි හැටියේම ඇද හැලෙන වැස්සක අපේ මතකයන් බෝම ලු හදා ගන්නට ලත වෙන හිතක ඉරි තැළුණු මතක කවුළු මඟ බලන ඇසිල්ලක ප්‍රේමයේ ගතු කියනවලු අහස් ගැබ මෝරන විට සට සට වැහි පොද වැටෙනවලු පාළු හිස් අහසකට වැහි කළු එන්නේ ඇයි ද? නෑවිදින්ම ඉන්නට බැරිද? යදම් ලන්නට මතක දොරගුළු පද - ජයනි අනූෂිකා පෙරේරා. සේයා රූ - ජයනි අනූෂිකා පෙරේරා

වසන්තය ඉතින් නුඹ නෑවිදින් කොහොම ද? 😊

Image
කාලය හෙමින් ගාටන... රාත්‍රිය වඩා දිගුවන.. තත්පර,විනාඩි,පැය පැටලෙන තව දුරද ඉතින් මට.. නුඹෙ සුවඳැති මල් පිපෙන.. හැමදාම නාවට.. නුඹෙ සුවඳින් පිරී ඉතිරුණු.. මතක තත්පර බෝමයි මතක අයිතිම අහසට කියනකොට.. වසන්තය ඉතින් නුඹ නෑවිදින් කොහොම ද? නුඹ ළඟ තබා ගිය  මතක ගොනු.. ඇත බෝම ප්‍රවේසමට.. නුඹ නමින්ම.. මඟ බලමි තව නෙක හීන අහුලන්න... නුඹ එක්කම.. අනූ

මළ ගිය ඇත්තෝ !!!

Image
ඒ සුවඳ දාහක් මතක මගෙ ඇස් ඉස්සරහ දිග හැරියා... පාරේ කළබලේ දුවන වාහන... කූඹි ගුලක් ඇවිස්සිලා වගේ එහෙ මෙහෙ කඩි මුඩියෙ දුවන සෙනඟ... මේ හැම සිතුවමක්ම එක පාරට බොඳ වෙනවා වගේ දැනෙන්න ගත්තා... ලෝකෙ කොතන කොහොම හිටියත්....ඒ සුවඳට පර්ෆියුම් එකේ නමෙන් මට කියන්න පුළුවන් වෙන එකක් නැහැ.ඔව්... “ ඒ එයාගෙ සුවඳ ” ..ඒකට දෙන්න වෙන නමක් නැහැ.. “දෙවෙන්දරා සං ,යනව නං ඔය සිරුරෙ සුවඳ මේ ඇඳුම්වල තියලා යන්න” නොරිකෝ.. උඹ සතුටු වෙයන්. උඹට අවසාන වතාවට දෙවෙන්දරාසංට මෙහෙම කියන්න හරි පුළුවන් වුණා.. දෙවෙන්දරා සං එක්ක තක්සිය ගාවට එන්න පුළුවන් වුණා. අවසාන තත්පරය ඔහු ළඟ ඉන්න පුළුවන්කම තිබුණා. ජීවිතේ සුන්දරම මතක එකතු කරපු “තක්සිය” ළඟට ආයෙත් යන්න පුළුවන් වුණා. එහෙම බලනකොට උඹලා නෙවෙයි “මළ ගිය ඇත්තෝ”. ඇස් දෙකෙන්වත් දකින්නෙ නැතුව වෙන් වෙන්න වුණ අපියි මළ ගිය ඇත්තෝ..!!! අනූ 💚